43

565 114 7
                                    

#ඔබගෙන්_තරම්
     හතලිස්තුන්වන හමුවීම

" දුමී ........"

" දුමී බබා......මාත් එක්ක තරහා වෙලා මොකද ......"

අක්කා කියන කිසිම දෙයක් මම ගනන් ගත්තෙම නෑ......

" දුමී ........අහනවා......"

එකපාරට ඇවිත් නැවැතුනේ ඇග උඩ....කෙට්ටු නම් තමයි හැබැයි කටු ටික පට්ට බරයි....කෑගහන්න හැදුවා විතරයි කටත් තද කරගත්තා......හුස්ම ගන්න බෑ යෝදියේ .....😐😐

" කෑගහලා ඔක්කොම අවුල් කරන්නද..... සද්ද නොකර කියන දේ අහන් ඉන්න ....දැන් නැගිටින්න .....ප්‍රශ්නයක් තියනවානම් කතා කරලා විසදුමක් හොයාගමු....."

අක්කා කියන දේත් ඇත්ත ....ඒත් මටත් අක්කා සැලකුවේ එහෙමනේ....එකට එක කරන්න මාත් දක්සයි......

ඇදෙන්ම වාඩිවුනේ බිත්තියට හේත්තුවෙලා...කකුල් දෙක වැහෙන්නම බෙඩ්ෂීට් එකත් පොරවගන ....

" බබා ... මම ඉන්නෙ  ලොකු අවුලක..... එකපැත්තකින් ගෙදර , දහම් ඔයා .... මම ගෙවන්නේ ගොඩක් අමාරු කාලයක්....."

" ඔයා විතරක් නෙවෙයිනේ අක්කේ ....මමත් එහෙමයි...."

" හරි අපි දෙන්නම .... එ් නිසා ප්‍රශ්නයක් නම් කතා කරමු.....ඊටපස්සේ විසදගමු..... නැතුව කෙයාර් නොකර හිටියම ඒකත් මානසික වදයක්.... ඔයා කෝල් එක කට් කරපු වෙලාවෙ ඉදන් හිත වදදෙනනවා....ගිහින් බලන්නම කියලා .... දන්නවා නේ දුමී මම ඔයාව අඩවන්න කැමති නෑ........

      ඒත් දැන් ඇයි කියන්නේ මගේ බබා දුකින් ඉන්නේ ....අප්පච්චී නිසාද....."

අක්කා මේ හැමදෙයක්ම කිව්වේ ඇහුවේ මාවත් තුරුළු කරගන....

" අප්පච්චීත් හේතුවක් තමයි ..."

" ම්ම්ම් අප්පච්චීට ඉක්මනට සනීප වෙයි ලමයෝ......අයියාත් කියන්නේ ඩොක්ටර් කිව්වා කියලා හෙට අනිද්දට ගෙදර යවන්න පුළුවන් කියලා ..... "

" මට අයියා කිව්වා...."

" එහෙනම් "

" අම්මා ......අම්මා ඉන්නේ මාත් එක්ක තරහින්.....බැලුවොත් ඇත්නම් මට කෑගහනවා.....එක එක කතා කියනවා....ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ......අද  උදේ ගෙදරට ආපු මනුස්සයෙක් එක්ක කතා කලා කියලත් මට හොදටම බැන්නා.....මට මෙ වෙන දේවල් තේරෙන්නේ නෑ රන්......"

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now