#ඔබගෙන්_තරම්
දහසයවන හමුවීම....වෙන මුකුත් කරගන නෙවෙයි ලිද ලග තිබුන ගලේ අක්කා ලිස්සන බෝට්ටූ ගිහින් නේ.....පශ්චාත් බාගේ ලස්සනට තියනෝ ඉතින් ......පව් ඒත් හොද වැඩේ 🤭
අහන්න දෙයක් නෑ හොදට හීරීලා ඇති අදගන හිටපු ෂර්ට් එකේ පවා හම ගිහින් පස්සයි පිටටයි දෙකටම දැන් ඇත්තේ පුදුම සනීපයක්...."හරි හිනා.....මටනේ රිදෙන්නේ....."
රිදෙනවනම් තමයි ඒත් මෙහෙම හිනාවෙලා ඉන්න ලැබෙන අවස්ථාව නැති කරගන්න බෑනේ ........
" මාව ඇඩෙව්වනේ.....ඒකයි ඔය පල දුන්නේ .....දිඨ්ටධම්මවේදනීය කර්ම..."
" දැන් කියන්නේ මටත් අඩන්නද..."
මටත් පුම්බාගෙන ඔය අහන්නෙ ....
" කැමති නම් පුළුවන් ....මම විතරයි දකින්නේ ........"
තනියම කියෝ කියෝ මටත් රවලා අක්කා ගේ ඇතුලට ගියා.....මම ඇතුලට එද්දී ඇහුනේ බාත්රූම් එකේ ෂවර් එකේ සද්දෙ .....
පැය බාගයක් යන්න කලින් ඇවිදින් කාමරේට වෙලා තනියම කියවනවා.....මටත් ඉන්නම බෑනේ මම ඕපාදූපා හොයනවානේ ඊටත් මගේ නපුරි නේ මේ....
කාමරේම පුරාම ඇවිද ඇවිද මොනවද හොයනවා.....උදේ මම කාමරේ පොඩ්ඩක් අස් කරා...අක්කාගේ මොනහරි නැතිවෙලාද මේ හොයන්නෙ .......
" ඇයි මේ කලබලෙන්....."
කාමරේම අවුල් කරනවා බලන්න බැරිම තැනයි මමත් ඇහුවේ......
" මගේ important files වගයක් නැතිවෙලා එතකොට තව මෙහෙට සිග්නල් නෑ..... දැන් conference call එකක් ගන්න ඕන.....ඕ ෂිට්.......තමුන් නිසයි මේ හැමදේම ..... බලනවකෝ....."
කලබලේ හැටියට නම් ගොඩක් වැදගත් ඇති ...අක්කා පිලිවෙලට වැඩ කරනවානේ එතකොට කොහෙද මේ ෆයිල් එක මගේ වැඩ නිසාද හොයාගන්න බැරි.....
" අක්කේ ....."
අතින් ඇල්ලුවම අක්කාගේ අවදානය මට ලැබුනා.........
" පොඩ්ඩක් මෙතනින් වාඩිවෙලා හිමිහිට හිතන්න 😔...."
" පිස්සු ද ඕයි 😡...... වාඩිවේවී හිතන්න...."
" කිව්වම අහන්නකෝ ලමයෝ...."
බලෙන්ම අල්ලලා වාඩි කෙරෙව්වේ අක්කා මේ විනාස කරන්නේ මගේ ආදරණිය කාමරේ නිසයි.........
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...