#ඔබගෙන්_තරම්
තිස් දෙවන හමුවීමඅක්කා බව විශ්වාස නිසාමයි දොරත් ඇරගන එලියට ගියේ.... අපේ ගෙදර වගේ නෙවෙයි මෙහේ දවල්ට පට්ට රස්නෙයි රෑට සීතලයි....අත් දෙකත් බැදගන විපරම් ඇහැ දැම්මේ වාහනේ දිහාවට.....
ඔව් ඔව් ඒ අක්කා තමා...
අම්මෝ පට්ටම හැපී මූඩ් එකෙන් කාර් එකෙන් එලියට බැස්සේ.....මදුරුවෝ තල තල ඉන්න මාව දැකලා කෙල්ලගේ මූණ පිරිලා ඉතිරිලා ගියා.." හේ ..... my baby girl.....😍 "
දුවගන වගේ ඇවිත් තද කරලා වැලදගත්තේ මට හුස්මක්වත් ගන්න ඉඩ නොතියා.....
දවාලේ මාව අමතකම වෙලා දැන් බදාගන මේක අක්කාගේ බටර් ප්ලෑනක් ද....ඒත් මේ සතුට නම් .....බොරුවක් වෙන්න බෑ....." දුමී .....ඔයා දන්නවා ද......මේ....."
ඒ ග්‍රහනයෙන් මිදුන වහාම මගේ අතට දුන්නේ සුදු කඩදාසි දෙක තුනක්.....අක්කා සතුටු වෙන්නේ මේ ලෝකේ හැමදේම ඒ කොල මත කියන්නාක් වගේ නේ.....මටත් වඩා වටින දේ මොකක්ද ..
" රන් .....මේ මොනවද ....."
" මේද......අවුරුදු ගානක මගේ මහන්සිය.... නුවර අතැරලා දාපු වලව්වේ ප්‍රෙජෙක්ට් එක....එතකොට ඒ වලව්ව අද මගේ නමට...... ඔයා දන්නවා ද බබා ඒක මගේ තාත්තාගේත් හීනේ....."
නුවර වලව්ව....නැන්දා කතා කරන්නවත් අකමැති .....අද්භූත අතැරලා දාපු වලව්ව....
අක්කට ඒක ඒ තරමටම වටිනවද.....අනේමන්ද නැන්දා දැනගත්තොත් නම් විසුමක් වෙන එකක් නෑ.....ආයේ අම්මලා දූලා වලි දාගනීයි.....මට අක්කාගේ සතුට නැති කරන්නත් බෑ ඒත් නොකියා ඉන්නත් බෑ...." දුමී......මට ගොඩක් සතුටුයි..."
තවත් මොහොතක් එ් දෑත් අතරෙන් ලමැදට ලංවුනා....
" මේ හැමදෙයක්ම , ඔයා මගේ ජීවීතේට ආවට පස්සේයි මට ලැබුණේ බබා... "
ඒ අතරෙම දැනුනේ අක්කා මගේ හිස සිපගත් බව....
" යමුනේද ඇතුලට.....සීතලයි...මදුරුවෝත් ඉන්නවා ..."
" යන්.... ඔහොම ඉන්න ..."
ආයෙමත් කාර් එකෙන් ෆයිල් දෙක තුනකයි අක්කාගේ ලැප් එකයි අරගත්තා
.....මමත් උදව්වට අක්කාගේ බෑග් එක ගත්තා
.... පුංචි සිනහවකිනුයි ස්තුති කරේ..... හරිම කියුට්....😊
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...