#ඔබගෙන්_තරම්
විසිහයවන හමුවීමහිසේ දකුණු පැත්තට වෙන්න ඩයිනෝසර් සයිස් ප්ලාස්ටරයක්..දකුණු අතේ වැලමිට ලග ඉදන්ම වෙළුම් පටි වලින් වෙලාගන...ඒ අත නවාගන ඉන්නේ ....
නලලත් පැත්තක් තඩිස්සී ගැහිලා...ඇස් දෙකත් රතු කරගන ගිනි බටේක ඉදලා දැන් එළියට ආපු මනුස්සයෙක් වගේ මට පෙනෙන මුළු සිරුරම රතු ගැහිලා......
අක්කව එහෙම දැක්කම මටත් සිහි නෑ....මොනවද දෙවියනේ මේ වෙලා තියෙන්නේ
දැන් පැය පහකට කලින් යහතින් හිටියා කෙනානේ......" අක්කේ ......අනේ රත්තරනේ මොනවද වුනේ ........."
වටපිටාව ගැන අවදානයක් නොමැතිවම දුවගන ගියේ අක්කා ලගට.....හැමදේම බොදවෙලා දැන්නම් පේන්නේ කදුළු පිරිලා ඇස් දෙකේම....
" අක්කේ .....ඇයි මේ....."
මට ඉවසුම් නෑ ඒ පපුවට තුරුළු වෙන්න...ඒත් අක්කා වෙළුම් පටි නොවූ අතින් මාව පසෙකට කලා......
" අඩන්න එපා බබා......අපි දැන් යමුකෝ......"
මට පුළුවන් අඩන්නනේ.....අනේ මට දරාගන්න බෑ....මට කිව්වේ කාර් එකට නගින්න කියලයි.......
" නංගී.....අපිත් එක්ක යනවද...."
අක්කා ඇහුවේ කසුනිගෙන්....මට කසුනිත් අමතක වුනා.......අක්කාව දැක්කම මට හැමදේම අමතක වුනා......
" නෑ අක්කේ .....මම මෙහෙම පයින්ම බෝඩිමට යන්නම්.....ඔයාලා දෙන්න පරිස්සමට යන්න ............"
කසුනි වුනත් වැඩි තොරතුරක් ඇහුවේ නැත්තේ මගේ වගේම අක්කාගේ පහසුවට...
අක්කා අද ඇවිත් තියෙන්නේ ඩ්රයිවර් එක්ක නිසා එයත් මාත් එක්කම පිටුපස අසුනටම ආවා
.....
" ඒයි......මේ.....මමවත් අඩන්නෙ නෑ....ඔයානේ අඩන්නෙ ....."" ඇයි ඔයා කියන්නේ මට හිනාවෙන්න කියලද........"
මම මේ කදුළු හලන්නෙ එයා වෙනුවෙන් ....අක්කා ඒකත් ජෝක් එකට අරගන........
" කෝ....කදුළු පිහිදාගන්නකෝ.....මට තනි අතින් ඔක්කොම කරන්න බෑනේ ...."
අක්කා පුළුවන් විදියට මගේ කදුළු පිහිදාන අතරෙයි කිව්වේ ......
" දැන් පොඩ්ඩක් අර මාව වශී කරන හිනාව දෙන්න......"
බලෙන්ම වගේ හිනාවුනා අක්කාගේ කැමැත්ත නිසා.......
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...