34

737 136 5
                                    

#ඔබගෙන්_තරම්
      තිස්හතරවන හමුවීම

අහසේ අවපැහැ ගැන්වුනු වලාවන් ☁ එකම දිශානකට හිමි හිමින් ඇදී යනවා..... ඒ ඇහිපිල්ලම ගහන මොහොතෙම ජල බිදු එක දෙකක් පොලවට ඇද වැටෙනවා..... ඒ දිහා බලන් ඉද්දිම මුළු කොළඹ අහසම කළු වුනා..... ඇද වැටුන ජල බිදිත දහස් ගානක් වුනා....

       කැන්ටීමේ වහලේ පීල්ලෙන් එකතු වුනු කොනුරොඩු පෙරාගන වැහිදිය මිහිතලයට ...ටිකෙන් ටික හේදිලම දැන්නම් ඒ ජලයත් පැහැදිලියි....ඒකත් හරියට අපෙ ජීවීතේ වගේ ...

    කැන්ටිම ලගම තිබුන පේරගහේ කොලවලට වතුර වැටිලා තියන ආලෝකය එක්ක මුහු වෙලා ඈතට දිලිසෙනවා..... ඇසට ප්‍රිය උපදවන නැවුම් කොල පැහැයෙන් බබලනවා...

   සති දෙකකට එහා මැලවුණු ගස දැන් ප්‍රාණවත් ...... පරිසරයත් පුදුමයි දරාගන්න බැරිව එදා  වතුර බෝතල් ගනන් හිස් කරපු අපි අද වොෂ්රූම් අස්සෙමයි සීතලත් එක්ක එක අතුරු පහසුකම් නිසා....🤭

කසුනි මේසේ උඩින් තිබ්බේ දුන් දාන ප්ලේන්ටියක්..... ඇන්දෙන් අල්ලගන දෙතොල් වලට ලංකරා..... ගෙදර අම්මාගේ තරම් හිත ආසා කරන සුවදක් නැතත් දැනෙනවා තෘප්තිමත් බවක්..... සිනී අකලට වැටුනු තිත්ත රහ පිරුණු එක උගුරකට උළුදු වඩේ කෑල්ලක් ... ඒකත් පිටි ගුලියක්ම විතරයි .... වැරදීමකින් ගම්මිරිස් ඇට පිටින් කැවුනොත් මිසක්....

    ඉස්සර ගෙදර ඉන්න දවස්වල මගේ කාමරේ දිග අතට රවුම් ලෑලි පොලු ගහපු ජනේලෙන් මට පේන ඉඩෙන් මම බලන් ඉන්නවා වැස්ස දිහා..........

පේලියට තියන කෙහෙල් පදුරයි, දෙහි ගහයි මැද්දෙන් ඵලින් බරවුනු කාමරංක අතු තද වැස්සට තවත් පහලට බරවෙනවා...

    ඈතින් පේන අහසෙන් මම බලාපොරොත්තු වුනේ තරු කුමරෙක්ව..... හීනා මාලිගා ඔක්කොම ගොඩනැගුවෙ ඒ වැහිබර මොහොතක... කවදාවත්ම හීනයකින්වත් මම හිතුවේ නෑ වර්තමාන තරමට මගේ ජීවිතය ආදරය වෙනස් වෙයි කියලා ..... හැන්ඩි කොල්ලෙක්ට ඇදිලා ගිය හිත නපුරු ආඩම්බරකාරියක් ලග නතර වෙයි කියලා .....

      ආදරේ කියන්නේත් මහ පුදුම දෙයක් .... ආදරේ ඇතිවෙන්න බාහිර හේතු මොකුත්ම වැඩක් නෑ....
මගේ වගේ ....අතාරින්න තියන ලොකුම හේතුවක් තිබුනත් තවම අල්ලගන.....
   
" දුමියෝ.....බලපන්කෝ අර කොල්ලා.....අළුත් ජුන්නෙක්..... "

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora