රත් පැහැ තරහවෙන් පිරුණු ඒ දෑස් තව තවත් ලංවෙද්දි නොදැනිම කෑගැස්සුනත් ශබ්දයක් නම් පිටවුණේ නම් නෑ....
ඇස් පිහාටු තදකරගන ඇස් වහගත්තේ හිතේ බයටමයි....ඊලග පාර ඇස් අරිද්දි මම හිටියේ මගේ කාමරේ මුළු සිරුරම දහඩියෙන් තෙත්වෙලා....
මොනවද දෙවියනේ මට මේ පේන්නේ .....කෙල්ලෙක් මාව කිස් කරනවා...මොන ලෝකෙන්ද එහෙම දෙයක් වෙන්නේ .... මේ විකාර හීන මාව තවත් අවුල් කරනවා...ඇදෙන් වාඩිවෙලා ඔළුවත් ගහගන කල්පනා කරේ මට මේ මොනවද වෙන්නේ කියලා ....සැරින් සැරේට මට කරදර කරන මේ හීන මේ පෙනෙන මිනිස්සු කවුද ....ඒ මදිවට අක්කා .. මට අක්කා නැතුව ගොඩක් පාළුයි....මගෙන් කොටසක් දැන් මාත් එක්ක නෑ වගේ ...මොනවමහරි කරලා මට අක්කව ගෙන්නගන්න හිතයි.....ඒත් ඒ කොහොමද .....
" දෝණී ....."
" ඕ අප්පච්චී ....."
" දැන්නම් දෝණී නවයත් පහුවෙලා ....."
" අප්පච්චී මම නැගිටලා ඉන්නේ ..."
" එහෙනම් ඉක්මනට කන්න එන්න....පාන්දර හිස් බඩ ඉන්න එක ඇගට හොද නෑ...."
" හරී හරී......"
බ්රෂ් එකත් කටේ ගහගන පනිට්ටුවත් අරගන පහල ලිදට ගියේ සීතල වතුරට මම පොඩි කාලේ ඉදන්ම ගොඩක් ආසා කරපු නිසා.....
දත් මදින අතරේ පවා කල්පනා කලේ අක්කාව මෙහේ ගෙන්නගන්න හරි මම එහේ යන්න හරි විදියක්.....අප්පච්චීට නිවාඩු කියපු නිසා මට යන්නත් බෑ.....අක්කාත් මෙහේනම් එන එකක් නෑ.....ආපු කේන්තියට වෙලාවක් නොබලම නෑවා.....ලෙඩවුනත් කමක් නෑ....
" දෝණී ....සීතලේම නෑවද ලමයෝ.....පිස්සු ද ......."
අම්මා නම් චුරු චුරුව පටන්ගන....." ඔය කොණ්ඩේ පිහිදාගන්නවා......"
දන්නවා බැනුම් අහන්න වෙන බව....ඒත් කමක් නෑ.......
උදේ වරුවෙම නහයේ බරගතියනම් තිබුනා.....අම්මා දුන්න බෙහෙත් පවා නෙපෙනෙන්න හැංගුවා....ඒ ඔක්කොම අස්සේ ආයේ තුනට විතරත් ගිහින් සීතල වතුරින් නාගත්තා.....දැන්නම් ගැහෙන්න සීතලයි.....ඒ මදිවට වැස්ස....තියන පඩිකමට මේ කරන වැඩවලට මට ඇත්තටම හොස්පිටල් එකක නතර වෙන්න වෙයි වගේ ......
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...