#ඔබගෙන්_තරම්
තිස්හත්වන හමුවීම" අක්කේ ....."
දුවගනම ඒ අතක වෙලුනා...ලයාන්විත සිනහවක් දෙතොල් අතර රදවාගන අක්කා තවමත් මේ වලව්ව බලාකියාගන්නා වයසක සීයා එක්ක කතාව.......
" ආ.....තේමිස් මේ ඉන්නේ මගේ නංගී..."
අක්කා මාව හදුන්වලා දුන්නේ එයාගේ නංගී කියලා ....
" එද රෑ මාත් එක්ක ආවේ නංගි තමයි...".
සමහරවිට සැකයක් නොහිතෙන්න එහෙම කියන්න ඇති ...
අමාරුවෙන් වචන ගලපගන අපි එක්කත් යන්තමට කතා කරලා ඒ මනුස්සයා ගියේ වලව්ව දිහාට.....අක්කනම් ඒ අතරේ අපි අරගන ආපු දේවල් අස්කරනවා.....මමත් පුළුවන් විදියට හැමදේකටම උදව් කරා.....වැඩිපුරම අක්කාගේ රාජකාරි ලිපිගොනු පරිස්සමට කාමරේන් තිබ්බා.....එදා රෑ අපි දෙන්න ආවායින් පස්සෙම කාමරේ වහලා දාලා තිබිලා වගේ ....මකුළු දැල් හැමතැනම....දූවිලි එකයි....ඉස්සෙල්ලාම කරේ අක්කව කාමරේන් එලියට දාපු එක නැත්නම් දුවිලි ගිහින් පීනස හදාගනී ඊටපස්සේ කනක් ඇහෙන්නේ නැතිවෙයි කිවිසුම් යවලම.....
පැයක් විතර ගියා ඒ ඔක්කොටම ...මම ආපහු එලියට යද්දී අක්කා වේවැල් පුටුවක කකුලක් පිට කකුලක් දාගන ඉදගන පත්තරයක් බලනවා.....මට පෙනෙන්නෙ පිටුපසින්....
තිබුන මහන්සියටයි ඔළුවේ බරගතියි නිසාවෙන්ම මම දොරට හේත්තු වුනා.........
පත්තරේ තියන චූටි අකුරු තව තවත් කුඩාවෙලා ගිහින් එක තැනක නැවැතුනා.....ඒත් දැන් කලින් තිබුන පරිසරය නෙවෙයි ....අක්කා ඉන්න තැනට ඉස්සරහින් පාට පාට බාබන්ඩේසියා මල් යායට.....එතකොට මම හිටගන ඉන්නේ වලව්වේ එක දොරක උළුහස්සට හේත්තු වෙලා.....අක්කා තවම වේවැල් පුටුවෙමයි මම කලින් දැකපු විදියටම....මුළු බිමම රතු පාට තීන්තෙන් හැඩවෙලා විසාලව නැගුණු වටකුරු කණු කිහිපයක් වහල දරාගන ඉන්නවා ...
එකපාරටම මගේ ඉස්සරහින් දිව්වේ මම දකින්න ආසම පුංචි කොලු පැටියා....මාත් එක්කත් හිනාවීගන දුවල ගියේ අක්කා ලගට.....අක්කයි උකුලට පැනලා බෙල්ල බදාගන හැංගිලා ඉන්නවා....අත රැදි පුවත්පත පැත්තකට දාලා අක්කත් කොලු පැටියට හුරතල් කරනවා කතා කරනවා ඒත් මට ඒ කිසිම දෙයක් ඇහෙන්නේ නම් නෑ.....
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...