කොහෙන්දෝ ඉදලා එකපාරටම ආපූ විරූපී මනුස්සයෙක් මගේ ක්‍රෂ් කොල්ලව කාලා දැම්මා....බයවුන තරමට කෑගැස්සුනා.....
" බයනම් නොබලා ඉන්න ..."අක්කා සුපුරුදු පරිදි මාව ගනන් නොගනම කියලා දැම්මා.....පැය බාගයක් කෝමහරි ඇස්දෙකත් වහගන හොරැහින් වගේ බැලුවා....අමුවෙන්ම මිනිස්සු කාලා දාන හැටියට අවසානේට කුස්සියට දිව්වේ වමනෙටත් වගේ නිසා....
" දුමී නෝනේ....මේ මොකද..."
කුස්සියේ කෙලින්ම නැවැතුනේ සින්ක් එක ලග....මට ලේ දකින එක අපුලක් නෑ ඒත් ඒ ෆිල්ම් එකටනම් පිළිකුලක් වගේම බයකුත් හිතුනා...
" බැරි වැඩ කරන්න ගියාම ඔහොම තමයි මානෙල්....."
අක්කත් මගේ පස්සෙන්ම ඇවිත් එහෙනම් ...දොර උළුහස්සට හේත්තු වෙලා කොල්ලෙක් වගේ අත්දෙක ශෝටේ සාක්කු දෙකට දාගන නෝන්ඩි සිනාරැල්ලක් එක්ක මගේ දිහා බලාගන...
කෙල්ලෙක් වුනාට හිතේ තෙතමනයක් වත් නෑ ....කෘර හරිම ආත්මාර්ථකාමී කෙනෙක් ...මටත් හොද වැඩේ මෙයා බලන ඒව බලන්න යනවට...
" ලොකු බේබීට බඩගිනි ඇතිනේ...කෑම ලැස්තියි...."
" හරි මානෙල්....."
මමයි අක්කයි දෙන්න විතරයි අද ....එයානම් බෙදාගන හොදට කනවා....මම බෙදාගන ඒක දිහා බලාගන භාවනා කරනවා....තවම මට මතක් වෙන්නේ අර පිළිකුල් සහගත සිදුවීම....අමාරුවෙන් බත් කටවල් පහ හයක් කාලා හෝදලා නැගිටලා කාමරේට ගියා....
තවම ඔළුවෙ වැඩ කරන්න ඒ ෆිල්ම් එක....ආයේනම් ජිවීතේට ඔහොම එකක් බලන්නෙ නෑ.....දැන් ඉතිම් නින්දකුත් නෑ.....
" දුමී...."දොර ඇරලා ඒත් එදා වගේ අක්කා ඇතුලට නෑවිත් එලියේ ඉදන් කතා කරා.....
මම බැලුවට පස්සේයි අක්කා ඇතුලට ආවේ....
" ආ මෙන්න....බත් එක අතගෑවා විතරනේ......"
ලොකු මග් එකක් පිරෙන්න වැනිලයි චොක්ලට් අයිස්ක්‍රීම්....
" තෑන්ක්ස් ....."
" ඇත්තටම ඒ ෆිල්ම් එකට බයවුනාද.. ඒ දේවල් බොරුවක් බව දන්නවා නේද....."
අනාරාධිතවම මගේ ඇදෙන් වාඩිවුනේ මට ඔය ප්‍රශ්නෙ යොමු කරන ගමන්....
ESTÁS LEYENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...