44

535 113 0
                                    

#ඔබගෙන්_තරම් 
      හතලිස්හතරවන හමුවීම

" තමාරී........ තමාරී කියන්නේ මගේ මහප්පච්චිගේ බාල කෙලී..... මගෙ සහෝදරී..... තේරෙන වයසෙ පටන් මම උන්නෙ මහප්පච්චි ලග... "

සීයා අපේ මාතෘකාවට අත්පොත් තිව්වෙ සීයා ගැනත් පුංචි හැදින්වීමක් කරලා....

" මමත් දඩබ්බර කොලුවා අවදියේ ඒ....තමාරී තරුණ සන්දියේ විස්සක් විසිදෙකක් වගේ ..... ඒ කෙල්ලට මොලෝ අබාධෙකුත් තිබුනා.... ඔය ඉරිසියාව වෛරය ක්‍රෝධය තරහ මරහ එහෙම ඒකී  ලග නෑ.....තනිකරම පොඩි එකියෙක් වගේ .... පුංචි එවුන් එක්ක දාංගලේමයි......

     දණට වඩා කොට බෝරිච්චි අත් කපපු  ගවුම් කෑල්ලත් ඇදගන ඒකිගේ වැඩේම වෙලේ ගගේ ඇලේ දොලේ පනින එක...... නාඹර ගැටිස්සි වුනත් පොඩි කෙලියක් වගේ ....

      ඕන එකෙක් ආයෙ බලන්න තරම් ඒකි හුරතල්....හිටපු එවුන් වපර ඇහින්මයි ඒකි දිහා බැලුවේ .....මමත් පස් හයකට ඇනලා තියේ නොහොබිනා කතා කියපු..... "

මටත් මැවිලා පේනවා මම ඒ විදියටම වෙල් ඉපනැල්ලෙ දුව ඇවිදලා ඇලේ දොලේ දගලන විදිය......

" අපේ මහප්පොච්චි කොලෝ ඉද්දමල්ගොඩ වලව්වට කඹුරපු එක නොවෙ...... ඒ කාලෙ වැඩ කරපු කෙල්ලෙක් නැතිවුනා.....ගම්මු නම් කිව්වේ කවුරු හරි ගැටයෙක් එක්ක හදපානේ ගොහිං කියලා ....තවත් උන් කිව්වේ වෙනමම බහක්.....

    ඔය කෙල්ල නැති නිසායි මහප්පොච්චි තමාරීව වලව්වට කැන්ද ගියේ..... හිත ලාමක වුනාට කෙල්ලට ගෙදර දොරේ වැඩපොල බැරිකමක් නෑ.........

   ගෙදර ගෑණු ඔය කටයුත්තට මනාප වුනේ නෑ....එ්ත් මහප්පොච්චි තනි මනාපෙට ඒකිව එක්ක ගියා..........එහෙමයි දරුවො තමාරී ඔය වලව්වට පය තිබ්බේ ......
     ඒ මුසල රැයේ මහප්පොච්චි කෙල්ලව එක්ක ගියේ මාරයා ලගට...."

" ඔය කියන විදියට තමාරී කියන්නේ ඒ වලව්වේ වැඩකාර කමට අරන් ගිය පිස්සු කෙල්ලෙක් ද
....... කවුද මනුස්සයො පිස්සියොන්ව වැඩකාරකමට හරි ගන්නෙ ......."

අක්කේ කඩන් පැන්නේ සීයට.....ඒ මනුස්සයාත් බයවුනා අක්කාගේ සැරට......

" අක්කේ ......පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...."

" මොනව ඉවසන්නද දුමී .....මේ මිනිහගේ බොරු......"

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now