52

544 113 10
                                    

#ඔබගෙන්_තරම්
      පනස්දෙවන හමුවීම

" හැබැයි මට එක පොරොන්දුවක් ඕන දූ... "
නැන්දා මගෙන් බලාපොරොත්තු වෙන්නේ අක්කාගේන් ඈත්වීම විතරයි ....

" මම මේ කියන්නේ දෙන්නගෙම හොදට.... දූට තේරුම් ගන්න පුළුවන් නේ.... මට බෑ අම්මා වෙලත් මගේ දරුවව නවත්වන්න .... චාන්වී එක්ක තර්ක කරන්න මට බෑ..... ඒ දෙයින් වෙන්නේ ලොකූ අපෙන් ඈතට යන එක..... තනියම නැගිට්ට එයාට පවුල කියන දෙයින් කරන්න පුළුවන් බලපෑම අඩුයි......

        ඒත් දූ ඔයා ලොකූ වගේ නෙවෙයිනේ ...... අම්මා අප්පච්චී එක්ක පවුලත් එක්ක හැදුනු ලමයෙක්..... දූට බෑ පවුලේ අයට විරුද්ධව යන්න......
ඒ නිසා හොදම දේ ලොකූව අමතක කරන එක..... කොහොමහරි කල යුතුම ඒක....... "

නැන්දා හිසත් පිරිමදින අතරෙයි කරුණු පැහැදිලි කරන්නේ .....ඔය හැමදේම ඇත්ත ඒත් කොහොමද දෙයියනේ මම අක්කව අමතක කරන්නේ .....

" නැ න් ...දේ.... මට ....බෑ....."

කදුළු අතරින් හරිම අමාරුවෙන් අකුරු ගැටගැහුවේ ......ප්‍රියයන්ගෙන් වෙන්වීම වේදනාවක් ඊටත් වඩා ආදරණීයන්ගෙන් වෙන්වීම දරාගත නොහැකි තරම් වේදනාවක්.......  තමන්ගේ ඕනෑඑපාකම් වලටත් වඩා මම ගැන හිතන කෙනෙක් මට ආයෙ හම්බවෙන්නේ නෑ.... මේ තරම් ආදරයක් දෙන කවුරුත් නෑ.... ඒ හැමදේම මට ඕනා......මට බෑ අතහරින්න .....

" දුමී....... දූ...... මේ වෙලාවේ හොදම දේ  ලොකූව අමතක කරන එක ....
     මම ලොකූව එයාගේ පොඩි බාප්පා ලගට යවන්න තීරණය කරා.... මට පොරොන්දු වෙන්න ලොකූව ඒ තීරණයට කැමති කරවලා දෙනවා කියලා .....  "

මම කොහොමද පොරොන්දු වෙන්නේ අක්කව මගෙන් ඈතට යවන්න කැමති කරවගන්නවා කියලා ......මටත් ඕන අක්කා ලගම ඉන්නනේ........

" මේ වෙලාවෙ හොදම දේ ඒක.... "

නැන්දාගේ දෑසත් කදුලින් බරවෙලා.... ඇයි අපිටම ප්‍රශ්න .....කාටවත් වරදක් නොකර අපිටම....

" දුමී ....... අනේ දුවේ..... මම මගේ දරුවට ආදරෙයි .... මට ලොකූව නැති කරන්න එපා දරුවෝ......   "

නැන්දා මගේ දෝතම අල්ලගනයි ආයාචනා කරේ....මට උවමනාවක් නෑ අක්කව නැන්දාගේන් ඈත් කරන්න .....අම්මෙක්ගේන් දරුවෙක් වෙන් කරන්න තරමට මම පහත් මනුස්සයෙක් නෙවෙයි .....

ඔබගෙන් තරම් || G×GHikayelerin yaşadığı yer. Şimdi keşfedin