#ඔබගෙන්_තරම්
හතලිස්පස්වන හමුවීම" මගේ හදවත රෝසමලක් දුමී
ආදරේ කියන්නේ ඒ රෝස කුසුමේ සුවද
මැරිලා පරවෙලා ගියත්
හැමදාටම ඒ සුවද නම්
අමතක කරන්න බැරිවෙයි ... "නින්දෙන් පවා අක්කා මට රහස් කොදුරනවා....හීනෙන් පවා ඒ උණුසුම මට දැනෙනවා......ඒ හීනයක්මයි........
" දෝණී නැගිටින්න දරුවෝ..... අද අප්පච්චී එක්ක එන්න යන්න ඕන...."
අම්මාගේ ගෝරනාඩුව මාව ඇහැරවන්න...ඒත් අ කෙනෙක් කලින්ම මාව ඇහැරවගන මාත් එක්ක රහස් මුමුණනවා....
කිලෝමීටර් සියගනනක පරතරය අපිට අදාලම නෑ....ඒ කුසුඹ මට මේ හුලග ගෙනත් චෙනවා.....ඒ පහස මේ වාතලයේන් දැනෙනවා............" දෝණී .........."
අම්මා නම් දැන් දැන් උච්ච ස්වර ස්පර්ශ කරනවා....තව හිටියොත් නම් කොසුපාරට අහන්න වෙන්නේ මගේ හොරණෑ හඩ....
" නැගිට්ටා අනේ.... ඔහොම ඉන්න මේ එනවා...."
ඇදෙන් බැහැලා නයිටියට උඩින් දාගත්තේ අක්කාගෙන් පැහැරගත්තු ෂර්ට් එකක් ... පැහැර ගත්තෙම නෑ අපි ශෙයාර් කරගන්නවා විතරයිනේ......ඒත් ආසාවට ගත්තට මොකද මේ වස්ත්‍රෙ මට තදයි..... ඔව් ඉතින් අක්කත් ඉතිම් ඉරට්ට වගේනේ කෑවට හැදෙන්නේත් නෑ.....
ෆෝන් එකට මැසේජ් එකකුත් දාලා වැඩ කියලා .....එයාම ගනීනේ තව ටිකකින් කරදර නොකර ඉන්න ඕනා.....
අම්මටත් උදව් කරලා නා කියාගන ආවේ අප්පච්චීව එක්කගන එන්න යන්න..... මල්ලි නම් නෑ අම්මයි අයියයි මායි විතරයි .....
අප්පච්චීටත් අද යන්න පුළුවන් කිව්වම මූණ සතුටින් පිරිලා ඉතිරිලා......හැමදාම කියෙව්වෙ ගෙදර යන්න ඕන කියලනේ....ඇත්තටම කවුද කැමති ඉස්පිරිතාලෙ ගානේ ඉන්න ....මැරුණත් සැපයි ඒ තමන්ගේ පැල නම් ඔය අපෙ අප්පච්චීගේ අදහස්....
" දෝණී .........."
" ඔව් කියන්න අප්පච්චී ....."
" චාන්වී දුව උදේම ගියාද......."
" අප්පච්චී අක්කා ඊයෙම ගියා.....එයාටත් වැඩනේ....."
" මම හිතුවෙ අදත් ඉදලම යයි කියලා ..... දැන් ඒ දරුවා අපේ නංගිටත් වඩා පවුලට ලැදියි.."
ŞİMDİ OKUDUĞUN
ඔබගෙන් තරම් || G×G
Romantizmඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...