වොෂ්රූම් එකේ දොර ඇරියා විතරයි මාවත් පෙරලගන ඇතුලට ගිහින් දඩාස් ගාලා මගේ මූණටම දොර වහලා දැම්මා.....තවම හිතාගන ඉන්නේ මම මේ ඉන්නේ එයාලයි ගෙදර කියලද දන්නෙ නෑ....
මේ කෙල්ලට පණු කැවිල්ල.........කුලප්පු වෙච්ච හරකෙක්ටවත් නැතුව ඇති අක්කට තියන තරම් ගායක්...තව ඩිංගෙන් බාගෙට පටලවගන හිටපු ටවල් එකත් බිම.. ඒ මදිවට සබන් වේලිලා ඇගේ හැමතැනම අක්කා දැන් විනාඩි දහයක් විතර තිස්සේ නෑ......
යාන්තමට දොර ඇරගන ආවා යන්න තරම් හදිසියක් එළියට එන්න නම් නෑ.....දැන්නම් මගෙ දිහාත් බලාගන....මමත් ආඩම්බරේට ගස්සලා දාලා වොෂ්රූම් එක ඇතුලට ගියා.... වැඩිය නෑ ඒකත් ගානකට නැත්නම් ටවල් එක කඩන් වැටුනොත් මට වෙන්නේ ඒ තරම් හොද දේවල් නේ ඊටත් මොකටද නිකම් සෙකන්ඩ් වෙන්නේ මට බෙදන හැන්දෙන්ම තමයි මමත් බෙදන්නේ.....😁
වොෂ්රූම් එකේ ඉදන් ඇදගන කාමරේට යනකොට අක්කා නම් ආයෙමත් නිදි පුක උඩ තියාගන ...එයාට නිදාගන්න ඇරලා මම ගියේ අම්මට උදව් කරන්න ........
" දෝණී ....අර දරුවත් නැගිට්ටම නූඩ්ල්ස් වගයක් තියනවා හදාගන කන්න දෙන්නම....දවල්ට කෑම මම හැදුවා ....අඩුපාඩුවක් බලලා මොනහරි හදලා දෙන්න...."
අම්මා ස්කෝලේ යන්න ලැහැස්ති වෙන ගමන්.....අප්පච්චී නම් කලින්ම යනවා....අම්මා ඉතින් යන්නේ හරියට රතු ඉර ගහන්න ඔන්න මෙන්න තියලා......
අම්මයි අප්පච්චී අයියයි තුන්දෙනාම වෘත්තියෙන් ගුරුවරු නිසාමත් වගේම මල්ලිටත් ක්ලාස් නිසා හතහමාර වෙද්දිම ගෙදර ඉතිරි අපි දෙන්න විතරයි......අක්කා නම් පස්සත් උඩදාගන තවම නිදි......අවදිකරන්නත් ලෝභයි ඒත් මට කරපුවට පලිගන්නත් ඕනනේ🤨.....ඒ වුනාට අද බෑ පලිගන්න....අක්කා දැක්කහම මට මුකුත් කරන්න හිතෙන්නේ නෑනේ ..😞...
" ගුඩ් මෝර්නින් ......."
ඇග මැලි කඩන ගමන් අක්කා කුස්සියට ආවේ මම ලීක්ස් කපන අතරේ....
" මොනවද හදන්නේ ....."
පිටිපස්සෙන් ඇවිත් උරහිසට උඩින් එබුනේ අක්කා මට වඩා අගල් පහ හයක් උස නිසා..........
" නූඩ්ල්ස් ..."
" කෝ අම්මලා....."
" ඔක්කොම වැඩට ගිහින් ...."
ESTÁS LEYENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...