#ඔබගෙන්_තරම්
හතලිස්අටවන හමුවීමඍතුවකින් ඍතුවක් ......දැන් කොළඹ අහස මලානිකයි පොලොව කර්කශයි..... ඉඩෝරය වගේ ...... හරියට මගේ හිත වගේ .....
#තෙමසක් ගතවුනේ ඉබි ගමනින්..... මගේ සිනාවන් හොරකම් කරලා මට හොයාගන්නත් බැරි දුරකින් රැකවල් දාලා.....කර්කශ සුලග වාහන දුමාරය යහමට එක්වෙද්දි නාස්පුඩු දවාලන වේදනාව හැමදාම මට කදුළු සගවාලන්න උදව්වක් වුනා..... පුංචි කාමරේක රොත්තට ගැන්නිලා අනිත් උන්ගෙ හිනාවට මම ලෝබකම් කරා.... වැලක් වගේ උඩුදුවපු ප්‍රශ්නාවලියක ඉමක් කොනක් අපිට හමුවුනේ නෑ....හැමදාම අළුතින් ලියැදැම්මා ඇරෙන්න මුලිනුපුටා දමන්නටත් උවමනාවක් වුනේ නෑ.....
වචනයක් පාසාම වේදනාව හිතේ කැකෑරෙද්දි එක බත් කටක් කන්නටවත් ප්‍රියතාවයක් නම් නෑ ....... ගෙවුනු තුන්මසට මුළු ගැන්විලා විදෙව්වා මිසක ආලෝකය එක්ක ගනුදෙනු කරන්න මම බයවුනා......
ඇය මට උරුම කරපු අදුර දෝතින්ම බදාගන සැවොමගෙන්ම ඈතට දිවගියේ මට මාවත් අහිමිකරගන්න බැරි නිසා.....
දැනුත් මට මමත් නෑ..... ගොඩනැගූ සියල්ලම ඇස් පනාපිටම පිරිහිලා ගියේ මම කොයිතරම් දුර්වලයෙක්ද කියලා පෙන්නල දීලා.....එක රැයක් නිසා වැටෙන්න පුළුවන් පතුලටම වැටිලා දැන් ඉන්නේ කසුනිලයි බෝඩිමේ ..... අතාරින්න පුළුවන් හැමදේම මම අතැරලා දැම්මා....ඒත් මට තවම අක්කාව මතක් නොවෙන මොහොතක් නෑ..... හිත සින්නක්කරවම බාර කරාම මෙහෙම විදවන්න වෙන බව මම දැනගන හිටියේ නෑ.....
ඇදේ මුල්ලකට වෙලා වකුටු වෙලා පොතක් අරගන කුරුටු ගාන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් මගේ ජිවීතේ දැන් නෑ.......
" දුමී ... මොනවද බන් කරන්නේ .... කෑවෙ නැද්ද ........."
පියුමි නිසයි මේස උඩ පිගානකින් වහල තියන කෑම එක දැක්කෙත්...... ඒත් නොදැක්කා සේම ඉන්නයි මට ඕනා......
" අනේමන්ද බන් උඹට මොන යකෙක් වැහිලද කියලා .... කන්නෙ නෑ බොන්නේ නෑ..... කාමරේට වැදීගෙන හූල්ලනවා ...... "
කෙල්ලගෙ ඔය කතා දැන් අමුත්තක් නෑ මට....දවසකට පැයකට එක ගානෙම පියුමි මට දෙස් තියනවා ....
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...