#ඔබගෙන්_තරම්
පනස්පස්වන හමුවීම" නංගී....... ඉතින් කොහොමද .... ආ congratulations "
අක්කාගේන් ආපු මැසේජ් එක දැකලා උන්හිටි තැනුත් අමතක වෙලා......
ඔව් අවුරුදු දෙකක් ගෙවිලානේ.... මෙහෙම හරි මාව මතක් වුනානේ......ඒත් පුංචි හොරයක් නැත්තෙමත් නෑ....." දෝණී ......මේ දහම් පුතා....."
මගෙන් ප්‍රතිචාරයක් නැති තැන තමා අපේ අම්මත් මැදට පැන්නේ....... අම්මටත් ඉතින් මට කොල්ලෙක් පංගාත්තු කරනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නෑ......
" ඔව් ඔව් අම්මේ...මම දන්නවා මේ කවුද කියලා ......."
ඇයි අනේ.....මට මගේ සතුට විදගන්න කවුරුත්ම ඉඩ නොදෙන්නෙ....... අද වගේ දවසකටවත් මේ මිනිහට පාඩුවෙ ඉන්න බැරිවුනානේ...... අප්පිරියයි දකින්නත්...... තෝ හින්දා තමා ඕයී මට මගේ ආදරේ නැතිවුනේ උඹව මරන්න පුළුවන් නම් මම ඒකත් කරනවා ......
හිතින් ඌට බැන බැනම උඩින් මට බොරුවට හරි හිනාවෙලා ඉන්න වෙනවනේ......." දුමී ....... congratz මැණික ..... මට නම් ගොඩක් සතුටුයි...... "
අම්මා අප්පච්චී ඉන්න තැන මට මුට දෙකක් කියාගන්න බෑනේ ....... කවදා ඉදන්ද දන්නෙ නෑ මේ තරම් ආදරයක් තියෙන්නේ ...... වනවචරයා......... මට කරපු අයුතු යෝජනා ගනන දන්නෙ මම විතරයිනේ .....
" හ්ම්ම් ..... තෑන්ක්ස් ...."
මූනිච්චාවටයි කියලා දැම්මේ ..... අපේ අම්මටත් දහම් පුතා කිව්වහම වෙන දෙයක් නෑනේ ..... ඔක්කොටම හපන් අයියා ......
පවුලේ අයගේ සතුට විනාස කරන්න බැරිනිසා හිනාවෙලා හිටියාට මගේ කේන්තිය තරහව දන්නෙ මමම විතරයි ......
ඒ නිසාමයි ඒ අයගෙන් ඈතට මම ඇවිද ගියේ..... යහළුවෝ නම් පවුලේ අය සමග සතුටු වෙනවා......එ් සැවොගෙම සතුටට පුංචි හිනාවක දායකත්වයක් ලබාදීලා ඇවිදගොස් සාරිය පිටින්ම බංකුවක වාඩිවුනා .....
අක්කාගේ මැසේජ් එක නැවත නැවතත් බලන අතරේ සිත දිව්වේ පරණ මතකයන්ට ...... ඒත් මම රිප්ලයි කරේ නෑ...... අපේ පුංචි රහස අපි අතරම තිබුනදෙන්......
" දෝණී ........ "
අප්පච්චී ඇවිත් මගේ ලගටම........මම දන්නවෙත් නෑ....ඒ ඇවිත් ලගින් ඉදගත්තේ ආදරයෙන් හිස පිරිමදින අතරෙයි.....
ŞİMDİ OKUDUĞUN
ඔබගෙන් තරම් || G×G
Romantizmඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...