#ඔබගෙන්_තරම්
තිස්තුන්වැනි හමුවීමසාලයේ මැද බිත්තියේ ලොකු ඔරලෝසුව නොනැවතීම තත්පරෙන් තත්පරේට එකම දිශාවකට කැරකෙනවා.... කාලය නොනවත්වාම ගලා යනවා....ඒ ගලා යන කාලයත් සමගම අඩු හෝ වැඩි වශයෙන් අපේ ජීවිත ඉදිරියට ඇදෙනවා ....
සති දෙකක් .. දවස් නම් දාහතරක් ...ගෙවිලා ඉවරයි.... හැමෝම දිවයනවා අනාගතයට...අක්කා මම තාන්වි කියලා වෙනසක් නැතුවම....." බබා ......අර ඩාර්ක් බ්ලූ වගේ ෆයිල් එක කෝ..."
ඔය ඇහෙන්නේ මගේ නපුරිගේ සද්දෙ .... මාව විශෙෂයෙන්ම අක්කට මතක් වෙන්නේ මොනවහරිම හොයාගන්න ඕන වුනහම...කිසි පිලිවෙලක් නැතුව හොයාගන්න බෑනේ ...එතකොට පලි මම..... බබා අරක නෑ කියයි .....බබා මේක නෑ කියයි..... බබා බබා බබා.....ගෙදර ඉන්න කොට වැඩිපුරම නියන වචනේ.....
මට හිතෙන විදියට දැන් තාන්විත් දන්නවා අක්කා මට කියන්නේ බබා කියලා බව..... මේකගේ වැඩේ හැමතිස්සෙම කෑගහන එකනේ ඉතින් නොදැන හිටියොත් තමා පුදුමේ....
" එ්ක උදේ කාර් එකට දාගත්තේ ...."
එයාමයි උදෙ දාගත්තේ
එයාටම මතක නෑ...." ඕ ... අමතක වුනානේ..."
දැන් ඉස්සර වගේ නෙවෙයි අක්කාගේ සිහිකල්පනාව එහෙම ගොඩක් අඩු මට්ටමක... මෙලෝ මතකයක් නෑ.. අර වලව්ව බදාගන මැරෙනවා හැරෙන්න වෙන වැඩක් නැතිතරම්......
ඔය වලව්වට තියන අසීමාන්තික ආසාව අක්කට තමන්වම අමතක කරවනවා...... සමහරවිට නැන්දා අකමැති වෙන හේතුව මේක වෙන්න පුළුවන් ..... ඒ තරම් කැමැත්තක් අක්කාගේ හිතේ ඒ වලව්ව ගැන තියෙන්නේ .....තණ්හාවක් හා සමානයි...
ගෙවුනු දවස් දා හතරමට හැමදාම ආවේ එකොලහ දොලහ විතර වෙලා.....සමහරදවසට මටත් මහන්සියට එනකම් බලා ඉදලා සෝෆා එකේම නින්ද යනවා..... ඒ ආවත් කන්න බොන්නේ නෑ කාමරේට වැදෙනවා..... දැන් ඇදිලා ගිහින් ගොඩක් කෙට්ටුත් වෙලා...... ඉල ඇට පවා පැදීලා හයියෙන් හුලගක් ආවොත් ගහගන යන තරමට.....
නූලකුයි වරල් ටිකකුයි දැම්මනම් හවසට බීච් එකට ගිහින් සරුංගලයක් විදියට යවන්න පුළුවන් ..... දැන් දවස් දෙකකට කලින් බ්ලවුස් එකක් ලොකු වැඩි කියලා අඩ අඩ හිටියා ....
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...