" ලොකූ ඉන්නවා .....මම අහන දේට උත්තර දෙනවා ලමයෝ...... "
නැන්දා ගෙදරටම ඇහෙන්න තරම් හයියෙන් කෑගහනවා....ඒ විලාපෙට බයවෙලා ඇහැරුණු පාර තවමත් ගල්වෙලා....
ජනෙල් පියන්පත් අතරින් හිරුඑළිය කාමරය සිසාරා දුවලා....බිත්තියේ තිබුන ඔරලෝසුවේ හයේ කනිසම සනිටුහන් වෙලා..." ලොකු .....මොකක්ද දරුවෝ කරගන්න හදන්නේ ........"
නැන්දා ඝෝෂාත්මක හඩ ආයෙමත්...අක්කටයි මේ බනින්නෙ.....මොනව කරගන්න ගිහින් ද දන්නෙ නෑ ඒ නපුරු මලහෝන්තුව....
ඇදෙන් බැහැලා අැදගන හිටිය දුහුල් ගවුමට උඩින් ෂර්ට් එකක් දාගන හිමිහිට දොර ඇරගන හොරාට කන් දීගන හිටියා.....මට පහලට යන්නත් බෑනේ ....පවුලේ ප්‍රශ්නවලට මට මැදිහත් වෙන්නත් බෑ....." තමුනුත් ඔය හදන්නේ අර මනුස්සයා වගේ මැරිලා යන්නද....."
" අනේ අම්මේ.....තාත්තාට වුනේ ඇක්සිඩන්ට් එකක්......ඩොක්ටර් කෙනෙක් නේද ඔය මනස්ගාත ඔයත් විශ්වාස කරනවානේ........"
" ඔව් මම විශ්වාස කරනවා...ඒ මනස්ගාත නෙවෙයි ලමයෝ ඇත්තටම වුන දෙයක්..ඉතින් නිකම් පරණ කුණු අවුස්සලා හැමදේම ගදගස්සවන්න එපා...."
" අම්මා ඒක තාත්තාගේ හිතේ තිබුන හීනයක්....ඒ ප්‍රොජෙක්ට් එකෙන් අපේ කම්පැනියට සික්සිටි ප්‍රසන්ට් ලාභයක් තියනවා....නිකන් ගරා වැටිච්ච ගෙයකිනුයි අතැරලා දාපු ඉඩමකුනුයි ඒ තරම් ඉන්කම් එකක් ගන්න වැඩේ ප්ලෑන් කරාම ඇයි ඔයා එපා කියන්නේ ..."
" මොකද මට ඔයාව ඕන නිසා දරුවෝ.....තාත්තා නැතිවුනොත් ඔය ආසාව නිසා.....දැන් ඔයත් පටන්ගත්තද....."
" ඔයා ගිහින් ඔයාගේ ලෙඩ්ඩු ගැන බලාගන්න..... මම බාප්පා එක්ක මේක කරනවමයි.....අනිවාර්යයෙන් .....මේ චාන්ස් එක මම අතාරින්නෙ නෑ......"
" ලොකූ ..........this is my final decision ....ඔයා නුවර ප්‍රොජෙක්ට් එක කරන්නේ නෑ.....මම ඒකට කවදාවත්ම ඉඩදෙන්නෙ නෑ........ඔයා තව මුරණ්ඩු වුනොත් ඔක්කොම බාප්පට බලාගන්න කියලා ඔයාව ඇමරිකා යවනවා.....තේරුනානේ.....දැන් යනවා.....ආයේ මගෙන් ඔය ගැන අහන්න එපා.....අනිත් විශේෂම කාරණාව ආයේ ඔය ලමා නිවාසේ පැත්තෙ යන්න ඕනෙත් නෑ.....කරන්න පුළුවන් උදව් කරන්න ඒත් වැඩි ගනුදෙනු අවශ්‍ය නෑ......"
ESTÁS LEYENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...