" අක්කේ මොකද මේ....."" මේ......සතෙක් මාව කෑවා....."
මට පෙන්නුවේ ඇද උඩින් තියාගන හිටපු කකුල ..සුදු පාට පැහැපත් සමේ විලුඹට උඩහට වෙන්න රතු පාට වෙලා....ඒ අතරේ අක්කා හොදටම කසනවත් එක්ක....
" කෝ බලන්න....මේ කොහොමද මේක වුනේ ....."
සීරුවට ඇගිලි තුඩු අරගන යද්දි රතු පැහැ සම ඉදිමිලා ...
" මම ඉස්සරහ ඉස්තෝපුවේ බැම්මෙන් වාඩිවෙලයි හිටියේ පත්තෑයාද මොකාද කියන එකෙක් එතනින් ගියා....ඌ තමා මාව කෑවේ.....ඉන්න බෑ විසගහනවා ...."
ඒ පාර බොරුවට හොටු පෙරාගන....ටෆ් කියලා පෙන්නගන හිටියට මේ මනුස්සයා හෙනම බොලදයි.....🤭
" මම කිව්වනේ........මේ රෑ යන්න එපා කියලා ....හොද වැඩේ කියන දේ අහන්නෙ නැති කමට...."
" ඔයා කිව්වේ මදුරුවෝ කයි කියලා විතරයි හරිද........"
" ඒත් හොද වැඩේ....ඔහොම ඉන්න මම තෙල් ටිකක් ගෙනත් දාන්නම් ..."
" ම්ම්ම් .....ඒ දුමී......තෙල් ගෑවම හරියයිද....."
" ඔව් ඔව් අනේ.....මේ පත්තෑයා ගොඩක් ලොකුද......"
" ඔව්නේ .... අගල් තුනක් විතර දිගයි කකුල් ගොඩකුත් තිබුනා....."
මට තනියම හිනහයි.....පොඩි එකෙක් වගේ හුරතල් වෙන විදිවට....හැමදාම මෙහෙම නම් හරිම ෂෝයි ....හිතෙන්නේම ගිහින් කම්මුල් මිරිකන්න.....
තෙල් කුප්පියත් අරගන ඇවිත් මම බිමින් ඉදගන කකුලේ ගාන ගමන් පොඩ්ඩක් තදට මසාජ් කරේ අක්කා ඒකට කැමතියි කියලා දැනුනා නිසා.....
" ම්ම්ම් ....."
අක්කට එයාවම පාලනය කරගන්න බැරි තරමටම මොකද මේ.....
" මේ අනිත් කකුලෙත් තෙල් ගාන්නද....."
" පුළුවන් ද...."
ආපහු අක්කට පිලිතුරු නොදීම අනිත් කකුලේත් තෙල් ගෑවා......
ඇස් දෙකත් පියාගන එයාට හොදට සැපනේ....මගේ තමා අත රිදෙන්නේ .......එහෙමම නැගිටිද්දි ඇස්වල මම මෙතෙක් නොදැකපු අමුත්තක් රදවාගන මගේ දිහා බලාගන......හරියට පුංචි දරුවෙක් ආදරයෙන් බලා ඉන්නවා හා සමාන හැගීමක් හදවතට දැනුනා....
KAMU SEDANG MEMBACA
ඔබගෙන් තරම් || G×G
Romansaඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...