#ඔබගෙන්_තරම්
දහඅටවන හමුවීමඅයියා දොර ලග ඉදන් බලාගන ඉන්නේ යකෙක් තරම් කේන්තියකින්....
" තමුසේ කවුද මිනිහෝ මගේ නංගිව අල්ලන්න........ඇහුනේ නැද්ද තමුසේට කියනවා එහා වෙලා ඉන්න කියනවා හු## ..."
අයියගේ සද්දෙට චූටියත් ගැස්සිලා ඇහැරිලා අඩනවා.....චූටි නැන්දායි ලොකු අක්කයි හැමෝම දුවගන ආවේ මොකද මේ බලන්න.....මල්ලී නම් කෙලින්ම නැවැතුනේ මගේ ලග....කොල්ල මගෙන් ඇහුවේ අක්කට කරදරයක් නෑ නේද කියලයි.....
" අත ගනින් ෂර්ට් එකෙන්....."
අරුත් වැරැද්දක් කරලත් දෙවනි වෙන්නේ නැති තරම්....දැන්නම් අයියටත් තව කේන්ති" මොකද දරුවෝ මේ රණ්ඩු වෙන්නේ ..."
නැන්දා ඇහුවේ රණ්ඩුව නවත්වන අටියෙන් වගේ ....එවෙලෙම චූටියා එයාගේ අම්මගේ අතට දීලා අයියාගේ අත් බාහුවකින් ඇදලා ගත්තේ ගහගන්න ගියොත් කියන බයට......
" මාධව අයියේ ...."
නැන්දාගේ පුතත් ඇවිත් අල්ලගත්තේ අපේ අයියව......
" තමුසේ ආයේ මගේ නංගි දිහා බලලා තිබුනොත් මම බලාගන්නම්කෝ........."
" ඇයි මහලොකු ඒජන්තද.....තමුසේ මට මොනව කරන්නද ඕයි.....මට ඕන ඒකීව මම කොහොමහරි ගන්නවා....එක එක බල්ලෝ බිරුවට ....."
" තමුසේ ......."
අයියා පැන්නෙම අරුට ගහන්න ඒත් ඒ සැනින්ම වගේ චාවි අක්කා මැදට පැන්නා.....
" මාධව ...."
" අනේ අයියේ......."
අක්කයි මමයි මල්ලියි තුන්දෙනාම එකතුවෙලා අපේ එක්කෙනාව එලියට එක්කගන ඇවිත් අක්කාගේ කාර් එකෙන් වාඩි කරේ.....අයියට ඉස්සරහ ෂීට් එක දීලා මමත් අක්කා එක්කම ආයේ අැතුලට ගියේ මල්ලිට අයියා ලගින් ඉන්න කියලා ......
" ඒයි මිස්ටර්...."
අක්කා කතා කරේ අර රස්තියාදු කාරයට.....
" මේ අහනවා......නිකන් ප්රශ්න මොකටද කොල්ලො ....තමුසෙට මේ කෙල්ලව ඕනනම් කෙල්ලව යාළු කරගන්නවකෝ අයිසේ....නිකන් පවුලේ උන්ට සද්දෙ නොදා......මම දන්නෙ නෑ තමුසේ මොකෙක්ද කියන්න....ඒත් බලපන් තමුන් දිහාම යකෝ රස්තියාදු කාරයෙක් වගේ හැටි බලපංකෝ උඹේ.....ඔය ෆිට්නස් බොඩි එකෙන් වැඩක් ගනී.....පලයංකෝ රස්සාවකට හොදම මහත්තයෙක් වගේ ඇදලා.....එකට දාහක් එයි බන් ......කෙල්ලො වෙච්ච අපි කැමති සල්ලි හම්බකරන වුන්ට තව දෙවියනේ කියලා පාරේ බැහැලා එක්කන් යන්න පුළුවන් එකෙක්ට ......එතනට වරෙන් කොල්ලො..................එදාට මේකී නෙවෙයි මේකිටත් වඩා ලස්සන එකෙක් උඹට හම්බවෙයි ....."
VOCÊ ESTÁ LENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...