24

775 151 14
                                    

#ඔබගෙන්_තරම්
      විසිහතරවන හමුවීම

අක්කා වාහනේ පාරට දාන සැනින්ම ආවේ නැන්දාගේ කාර් එක....මම නම් ඔළුව දාලා ගුඩ් මෝර්නින් කියලා හිනැහුනා ඒත් නපුරි සන්ග්ලාස් දෙක යටින් බැලුවා එකපාරක් එච්චරම තමා...නැන්දා වුනත් වැඩි තැකීමක් කරේ නෑ අපි ගැන........ඒකට අපේ අම්මා අල ගිය වැල ගිය මුල් ගිය හැමතැනම හොයලා තමා ගෙදරින් එළියට බස්සන්නේ.....ඒ අතින් නම් සොයා නොබලන එක නිදහස්.......
  
     අද වෙනදට වඩා මගේ නපුරි වෙනස්නේ...මේ මර රස්නේ කාලේ බෙල්ලත් වැහෙන්න එක්කම ස්වේටරයක් ඇගලා ගන...අලි සයිස් සන්ග්ලාස් දෙක...🤭

     වැරැද්ද මගෙ වුනත් හිනාව නවත්ව ගන්න මට බෑ....ඔළුබක්කෙක් වගේ ඉන්න කොට කාටද හිනා නොයන්නේ....

" මොන හු## ....."

වේගෙන් ගිය වාහනේ බ්රේක් කර පාරට සීට් බෙල්ට් එක දාගන හිටියත් මමත් ගැස්සිලා ගියා....අක්කා ඒ අස්සේ කුණුහරුපෙන්ම බනිනවත් එක්ක.....යකෝ පට්ට පොෂ් ටයිප් හිටියට අක්කා දන්නවා නේ හැමදේම හොදට.........

" කොහෙද අයිසේ යන්නෙ.....තමුසේ හදන්නෙ අපිවත් අමාරුවෙ දාන්නද...."

එයාගේ පැත්තේ ග්ලාස් එක පහත් කරලා ඔළුව දාගන කෑගහන ඒ මනුස්සයාට දෙහි කැපුවේ.....මේ  ලෝකේ සිහියකින් ආපු නැති නිසා මම දන්නෙවත් නෑ මොකද වුනේ කියලා ....

" පිස්සු හෝන්තුවක් ...."

ඒ බැනලාත් අක්කට ඇතිවෙලා නැ.....යන ගමනුත් තව කියවනවා.....නපුරිනේ නපුරු කම වෑහෙනවා.....

" අක්කේ ......"

" ඇයි ...."

අක්කා උස් හඩින් පිලිතුරු දුන්නේ
අපෝ මෙයාගේ සැර....අහන්න ගිය එකත් මට අමතක වුනා....🙁

නිකන් ඉල්ලගන කනවට වඩා ශේප් එකේ කටපියාගන ඉන්න එක ඇගට ගුණයි වගේ ...එහෙම හිතලා ෆෝන් එක ගත්තේ පියූටයි කසුනිටයි මැසේජ් කරන්න අද ලෙක්චර්ස් එන්න වෙන්නේ නැති බව දැනුවත් කරන්න....
අනිවාර්යයෙන් ඕකුන් දෙන්න මට බනින්නෙ මගුලෙ යනවා කියලා ....🤭....උන් දෙන්න නොදන්නවා වුනාට ඒකෙත් ඇත්තක් නැතුවම නෙවෙයිනේ ...

මැසේජ් එක යවලා ෆෝන් එක බෑග් එක දාන්න මොහොතක් තියා රින්ග්ස් වුනේ පියූවගේ කෝල් එකෙන්.....

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now