46

585 121 2
                                    

#ඔබගෙන්_තරම්
       හතලිස්හයවන හමුවීම

" බබා ඔයාට මතකද මම ඉස්සෙල්ලාම ඔයා ලග ඉදපු ඒ රෑ........ අම්මයි තාන්වියි දෙන්නත් නැති දවසක කළුවරේ මහ වරුසාවේ ඔයා බයවෙයි කියලා මම ලග හිටියේ අන්න ඒ දවසේ රෑ.................... මට සමාවෙන්න බබා නොකීවට ඒත් ඒකටත් මට හේතුවක් තියනවා .."

" මට මතකයි අක්කේ ..... ඔයාට පහුවෙනිදා උණත් හැදුනා...... "

" ඔව් ඒ දවස තමයි...."

" හරි දැන් මට කියන්න මොකක්ද වුනේ කියලා ............"

" එදා රෑ කළුවරේම ඔයා ලගට ආවේ ඔයා බයවෙයි කියලා හිතිලම නෙවෙයි මට ඇහුණා ඔයා හයියෙන් අඩන සද්දයක් .... ඒත් මම ඇවිත් බලද්දී ඔයා නිදි ඒත් ආපහු යන්න හදද්දිම තමයි ඇහැරුනේ ......

         මම හිතුවේ ලැජ්ජාවට මට නොකියා ඉන්නවා ඇති කියලා .....
  ඒත් රෑ ඔයාට ඉක්මනටම නින්දා ගියා බබා....පුංචි හා පැටික්කියක් වගේ ඇවිත් මට තුරුළු වුනා......එලියෙ වැස්ස සීතල නිසා කියලා මමත් ඉඩ දුන්නා කොහොමත් ඒ කාලෙදි පවා මම හිතින් ඔයාට ආදරේ කරන්න පටන් ගන ඉවරයි......

  එකපාරටම රෑ ඔයා බයවෙලා නැගිට්ටා..... මගේ පපුවටම වේගෙන් ගහගන ගියා..... මම ගොඩක් අමාරුවෙන් නවත්වා ගත්තේ .....ඊටපස්සේ පිස්සියෙක් වගේ කියෙව්වා..... ඒ දේවල් වල කිසිම තේරුමක් මට එදා දැනුනේ නෑ......මම හිතුවේ ඔයා හීනෙන් කියවනවා කියලා ...... මුළු රෑ පුරාම මගේ පපුවටම වෙලා තුරුළු වෙලාම කියෙව්වා මට එක විනාඩියක් ඇහැ පියාගන්න ඉඩදුන්නෙ නෑ ඔයාට බයයි කිව්වා......මාව නැතිවෙයි .....මම නැතුව ජිවත් වෙන්න බෑ..... ඔන්න ඔය වගේ දේවල් කියෙව්වා.....

  මාව හූරන්න ගත්තහම තමයි මටත් බය හිතුනේ...... මට ඔයාව පාලනය කරගන්න බැරිවුනා බබා......අද තමයි තේරෙන්නේ ඒ හිටියේ ඔයා නෙවෙයි කියලා ...... මම ඔය  බාහිර දේවල් විශ්වාස කරන්නේ නෑ ඒත් තමාරිගෙ මතකයන් ඔයා තුල තවම තියනවා ......"

අක්කා අවසානේට නතර කරේ මගේ හිස සිඹින අතරේ......

" සමහර බැදීම් ගොඩක් ශක්තිමත් දුමී ..... අපේ බැදීමත් එහෙමයි..... ඒකයි අවුරුදු විසි තුනක් ගෙවුනට පස්සේ වුනත් ඔයා මම ලගට ආවේ....... අපේ දෛවය අපිව මුණගැස්සුවේ......."

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora