19

749 145 2
                                    

#ඔබගෙන්_තරම්
     දහනමවන හමුවීම

අපි හිටියේ පාරක් අයිනේ එක පැත්තක් මහා කන්දක් අකෙන් පස දරුණු ප්‍රපාතයක්....අක්කානම් කාර් එකට හේත්තුවෙලා ඈත බලාගන......ප්‍රපාතයට පහලින් නගරයක් කුහුඹුවන්ටත් වඩා කුඩාවටයි ගොඩනැගිලි පවා පෙනෙන්නේ .....මෙතන ඉදන් බල කෙනෙක්ට පෙනෙන්නෙ ඒ නගරය වටේටම කදු පන්තියක් බවයි......මනස්කාන්ත හිත නිවන දසුනක්...........කොලඹ වගේ කොන්ක්‍රීට් වනාන්තරයක් නොවන නිසා අක්කා මෙතනට ආස ඇති  නැතත් මේ නපුරිගේ දවසම ගෙවෙන්නෙ බිත්ති හතරක් ඇතුලෙනේ ඉතිම් මනසට නිදහසක් දැනෙනවා මේ පරිසරයෙන්..............

      නමය විතර වුනත් තවමත් තණ අග පිනි බින්දු ඒ තරමට සිසිලසක්.....දෑත් බැදගත්තේ ඒ සීතල නිසා......මම දෑත් බැදගත්තම පුංචි සිනාවත් දෙතොලතර රදවාගන සිනාසුනා...
  
    වැඩිය වාහන නොළුන පාරේ මීටර් දෙක තුනක් ඉස්සරහට ගිහින් නැවැතුනේ දේවදාර ගසක් ලග.........මමත් අක්කා පසුපසම අඩි තිව්වා....

" මෙතනට ඉර පායන හැටි ගොඩක් ලස්සනට පේනවා......අන්න අර කදු අතරින් ඉස්සෙල්ලා ම වැටෙන කිරණ හරියටම මෙතනට...."

අක්කා මට පෙන්නුවේ ඈත තියන කදු පන්තියක් ඒත් අද මේ වැහිබර කාලගුණය එක්ක ඒ දසුන මට පැහැදිලි නෑ.....

" අද  කලයිමේට් අවුල්....නැත්නම් ඈතට සිරීපාදේත් පේනවා....."

අක්කට මේ තැන ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා....එකවතාවක් නෙවෙයිනේ කිහිපසැරයක්ම මෙතනට ඇවිත් හුරුපුරුදු කාරයෙක් විදියටයි හැසිරෙන්නේ...

" මේ තැන කලින් දන්නෙ කොහොමද ......"

" තාත්තා එක්ක තමයි මම ඉස්සෙල්ලාම ආවේ.....එතකොට මට දාසයයි.........ස්කූල් වැකේෂන් එකකට.. තාත්තයි මමයි දෙන්න විතරයි එදා හිටියේ ....තාන්වි අම්මත් එක්ක............

         තාත්තා තමා මට මුලින්ම මේ හැමදෙයක්ම පෙන්නුවේ....එදා මීටත් වඩා වරුසාව අපි දෙන්න අහම්බෙන් මෙතන නවත්වලා උණු උණු පොල් රොටී කෑවා.....ඒ දවස්වල මේ දේවදාර ගස් අතරේ දම්පාට මල් තියන මීවන යායක් තිබුනා...දැන්නම් එකක් ආසාවට හොයාගන්නත් නෑ...."

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now