#ඔබගෙන්_තරම්
පසුවදනදුමී චාවී අවසානයේ සතුටින් ඇතැයි කියා මම සිතමි කිමද ඔවුන්ට සතුටු අවසානයක් ඇත්තටම හිමි විය යුතු බැවින්...... ඒ දෙදෙනාම ඒ අවසානය සාර්ථක කරගන්න උත්සාහ කරා...... ඒ වගේ මේ අවසානයේ ඔවුන්ගේ තවත් පරිච්ඡේදයක ආරම්භයක් වෙන්නත් පුළුවන් ......ඒත් මට එක් දෙයක් පැහැදිලිවම කිව යුතුයි.......
අපි හැමෝගෙම ලිංගික දිශානති එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් ...... ඒක විවිධ වූ හේතු සාධක මත මෙන්ම ජානමය බලපෑම් හෝ සමාජය බලපෑමක් මත වෙන්න පුළුවන් ...... ඒ කොහොම වුනත් මම දන්නා ප්‍රේමයට ඒ කිසිවක්ම අදාල නෑ.......
සමාජයෙන් අසම්මත යැයි හංවඩු ගහපු ... පහත් යැයි සලකන ඒ වගේ සම්බන්දතාවයකදී ගොඩක් අය පරෙස්සම් සහගතයි...... සමහරවිටක තමන් තමන්ම බව පිලිගන්න ඒ ගොඩක් අය මැලිවෙන්න පුළුවන් ..... ලෝකයාට එක් ජිවතයක් වෙද්දී රහසේ තවත් ජිවිතයක් වෙන්නත් පුළුවන් ....... ඒත් ඇත්තටම මම ඒ දේ වැරැද්දක් දකින්නේ නෑ....මොකද අපිට තියන ධෛර්යය සහ හැකියාවන් දන්නෙ අපි විතරමයිනේ.......
එකිනෙකා සමාජයට තමන් කවුද යන්න හෙලිකරන වයස වෙනස්..... ඒ අතින් චාවී කියන්නේ තමන්ගේ ධෛර්යය සහ හැකියාව ඒ වගේම පවුලේ තත්ත්වයන් නිසා මුල ඉදන්ම තමන් කවුද කියන සමාජයට කියලා ඒක බධාවක් නොකරගන ජිවත් වුන කෙනෙක් ...... අපේ ජිවත වෙන අයට අදාල නොවුනත් හැම කෙනෙක්ගේම උකුස් ඇස් යොමුවෙන්නෙ අපිටමයි.......සමාජය ප්‍රතික්ෂේප කරලා තමන්ගේ තාලෙට ජිවත් වෙන එක හිතන තරම් පහසුවකුත් නෙවෙයි ....... ඒත් චාවිට ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි .....
එතකොට දුමී ...... දුමී මේ වෙනසට අළුත් කෙනෙක් .....ඇයට කාලය අවශ්‍යයි තමන්වම පිලිගන්න..... මේ අසියාතික සමාජ ක්‍රමය පවුල කේන්ද්‍රව ගොඩනැග්න්නෙක් එතකොට අපේ සිහින බලාපොරොත්තු හැමදේකටම පවුලේන් එන බලපෑම ගොඩක් වැඩියි...... කෙල්ලෙක් නම් ඉපදුනු දවසේ ඉදලාම පරෙස්සම් කරනවා .... ඒ වගේ අනාගතේ දවස මේ විදියට හැඩගැහෙන්න ඕන කියන දේ ඔළුවට දානවා...... ස්වාමිපුරුෂයෙක් කසාදයක් ලමයි කියන කාරණා තුනම කෙල්ලෙක්ගේ ඔළුවට දාන්නේ හයක් හතරක් නොතේරෙන වයසෙන්මයි...... මම ඒ කිසිම දෙයක වැරැද්දක් දකින්නේ නෑ ...ඒත් අපෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන එකයි වැරැද්ද ....... ඉතිම් දුමීට වුනොත් ඒ දේම තමයි..........
කොහොමහරි ඒකෙන් ගොඩ ආවත් තවමත් පවුල කියන දෙයින් මිදිලා තනියම ජිවත් වෙන්න තරම් ශක්තිමත් බවක් ඇයට නෑ..... අපි කවුරුත් ඉපදෙන කොට රන්හැන්දක් අතින් අරගන එන්නේ නෑ...... ගොඩක් අය සාමාන්‍ය මධ්‍යම පාන්තික........ ඉතිම් තමන්ගේම හයියෙන් නැගිටන දවස අවුරුදු විසිපහත් තිහත් අතර තමයි........ ඒ වෙනතක්ම පවුලේ තීරණ වලට මහාපරිමාණ බලපෑමක් කරන්න කෙල්ලෙක්ට බෑ.... ( සමහර අයට එතනින් පස්සේත් බෑ 😂😂 ) ..... ඒ නිසාම දුමීට සිද්ධවෙනවා ඉවසන්න........ ගොඩක් බැදිම් වල තියන ලොකුම ප්‍රශ්නයක් ඒක......ඒත් අවසානයේ ඕනම කෙනෙක්ට පුළුවන් නැගිසීටින්න තමන් වෙනුවෙන්ම..... ඒ වෙනතක් ඉවසන්න අනෙක් කෙනාට ඉවසීමත් තිබිය යුතුමයි....... අපිට බැරිම දේ...... අපි හිතන්නේම අත්හැරලා යන බවම විතරමයි...... ආදරේ ජිවීතේම කරගන පිස්සුවෙන් මාස තුන හතරක් අඩලා අර ඔක්කොම අමතක කරලා අළුතින් පටන්ගන්නවා...... ඒකයි හැමදාමත් වෙන්නේ ........ වැරැද්දක් නෑ ......මම වුනත් එහෙම කරයි 😬
ඒත් චාවීට පුළුවන් වුනා බලන් ඉන්න .....ගොඩක් ප්‍රශ්න එන්නත් ඇති .....එ්ත් හිටියනේ.....
මටනම් චාවීගෙයි දුමීගෙයි ආදරේ අවසාන නෑ...... ඇත්තටම එයාලා කොහේහරි ජිවත් වෙයි..... සංසාරගත ප්‍රේමයන් වෙන් කරන්න අමාරුයි ....... කතාව වෙනස් විදියකට ලියන්නයි ආත්ම අතර සම්බන්දයක් ඇති කරේ.... ඇත්තටම ඒ වගේ කතාවක් තියෙන්නේ පුළුවන් කියන එක මගේ විශ්වාසය........
අවසානය ඔවුන් දෙදෙනාට 💕
සාර්ථක ගමනක් 😍hazii෴ 💕
😐😐😐😐😐😐😐😐😐😐😐😐😐😐
VOUS LISEZ
ඔබගෙන් තරම් || G×G
Roman d'amourඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...