40

582 112 2
                                    

#ඔබගෙන්_තරම්
    හතලිස්වන හමුවීම

ට්‍රෙ එකත් අල්ලගන අක්කාගේ කාමරේ දොර ලග....දවල් ඉදන්ම  ගෙදර ඉදලත් මුකුත් කෑවේ නෑ කියලා මානෙල් කියපු නිසයි කිරි එකක් එක්ක විස්කෝතු අරන් ගියේ .....

     ඒත් මගේ ඇගට පැන්නේ මමත් වැරැද්දක් කරපු ගානට....මුහුණේ ඉරියව් වලින් පිළිඹිබු වෙන්නේ කේන්තියෙ උච්චතම අවස්ථාව ...

    නහය හකුලගන ඇස් රතුවෙලා පොඩිවෙලා....බැල්ම වුනත් දරුණුයි....කොන්ඩේත් අවුල් කරගන....පිලිවෙලක් නෑ අක්කාගේ ....යන්තමට කාමරේට අැහැ දැම්මේ දැක්කේ ෆයිල්ස් ගගක් ටයිල් පොලව මත විසිරිලා තියන බව.....ඒත් මට ඇතුලය යා නොහැකි නිසා අක්කා දොර හරස් කරගන.....

" අක්කේ මේ කිරි එක......"

ට්‍රෙ එකේ තියන කිරි විදුරුව ගත්තේ නැති නිසයි මතක් කරේ....

" මට එපා....."

" ඒත් ....දවල්ටත් ....."

" එකපාරක් කිව්වනේ එපා කියලා ....තමුසේට සිංහල තේරෙන්නේ නැද්ද ඕයි...."

අනේ මට සද්දෙ දාන්නේ ....මම මොකක්ද කරේ.....
" එහෙනම් පස්සේ බොන්න ..."

මමත් හැදුවේ කාමරේ මේස උඩින් ගිහින් තියෙන්න එතකොට කැමති වෙලාවක බොවීනේ.....ඒත් වුනේ හිතුවෙවත් නැති දෙයක් ..........

" අරගන යනවා......."

තරහින් මාව තල්ලු කරා.....ඒ පාරින්ම ට්‍රෙ එකම පොලවට වැටුනේ මාවත් අක්කාගේ මේ හැසීරීම ගැන පුදුමයට පත්කරවලා......කිරි විදුරුව ඇග පුරාම ඉහිරිලා......යන්තමින් රස්නයත් දැනෙනවා.......

     ඒ නිසාම මගේ ඉරියව් වෙනස් වෙන්න ඇති ඒත් අක්කා තවමත් හැගීම් දැනීම් නොමැත්තෙක් සේ බලාගන.....

" දුමී අක්කි........මොකක්ද මේ වුනේ ...."

මේ සද්දෙට ඇහැරිලා දුවගන ආවේ තාන්වි ....
ඒ වෙද්දී පවා අක්කාගේ කිසිම වෙනසක් නෑ.....නංගි අපි දෙන්නගම දිහා මාරුවෙන් මාරුවට බැලුවා......එහෙමම මගේ අතින් ඇදගන එක්කන් ගියේ කදුළු බිදුවක් කම්මුලෙන් පහලට වැටෙද්දි ......

    වෙනදා සිනහවෙන් ගෙවෙන රැය අද ගොළුයි.....හරියටම කුණාටුවකට පෙර එන ගුප්ත නිහඩ බව වගේ ......

ඔබගෙන් තරම් || G×GOnde histórias criam vida. Descubra agora