#ඔබගෙන්_තරම්
පනස්වන හමුවීමහවස තුන වෙද්දී ලෙක්චර්ස් ඉවර වෙලා කැම්පස් එකෙන් එලියේ..... අක්කා හිතන් ඉන්නේ පහටයි ඉවර වෙන්නේ කියලා .....මොනාවුනත් කෙල්ල පව් මැසේජ් එකක් දාලා මම බස් එකේ යනෝ..... නැන්දාත් මම එනකම් බලා ඉන්නවා නේ...
මැසේජ් එක දාපු සැනින් එසැනින් කෝල් එකක්....වෙනදා නම් මෙහෙම නෑනේ ..... වෙනදට සීන් කරාට රිප්ලයිවත් නෑ......
ඔන්න ඔහේ ආන්සර් කරලම බලමු මොකද තකහනියෙම මාව මේ තරමට මතක් වෙන්නේ කියලා ......" හෙලෝ...... අක්කේ ......"
" දුමී ........ ගිව් මී ටෙන් මිනිට්ස්..... "
" අක්කේ මට තනියම යන්න පුළුවන් .... කරදර වෙන්න ඕන නෑ......"
" එකපාරක් කිව්වම අහනවා ... ඔහොම ඉන්නවා විනාඩි දහයක් මම එනකම්...."
මේ කෙල්ලට ඩෝං ගියේ ...... ඩෝන්ට් කෙයාර් පාට් එකට නිසාද.....
" ම්ම්ම් .......පරිස්සමට ඉක්මනට එන්න..... "
" හරි හරි...... පණ්ඩිතකම් නොකර ඉන්නවා හරිද ......"
" හා හා ඉන්නම්...... "
මට හිතෙන්නේ අක්කා ඉන්නේ හිතේ දුකෙන් කියලා .... ඔළුව යකාගේ කම්මල වගේ ඇති...... මමත් අක්කට ගෙවුනු පැය විසිහතරෙම දුන්නේ වද විතරයිමනේ......
" මොකෝ බන් ඔතන ..... උඹ අපිවත් දාලා ආයේ ඉක්මනට යන්න නෙ..."
කසුනි ආවේ අපේ කෙල්ලො කොල්ලො සෙට් එකම එක්ක.....උන් ටිකත් කියලා පණකඩාගන දුවගන ආවේ ඉක්මනට යන්න ඕන නිසානේ..... ඒත් අර මනුස්සයා මට සද්දයක් දාලාම කිව්වනේ යන්න එපා ඉන්න කියලා ....." අක්කා එනවා කිව්ව බන්......එකතම් ඉන්නවා ........."
"උඹ ඉතින් ආයේම ඒකිට තැන දෙනවා..... නොදිත් බෑනේ උඹේ සත්‍ය ප්‍රේමයනේ..."
ඒකී ජෝක් එකට කිව්වට ඇත්තක් නැත්තෙම නෑ......
" ඔව් ඔව්...... "
" මාත් ඉන්නම් .... මට ඔය උඹේ අක්කව සතපහකට විශ්වාස නෑ....."
කෙල්ල අනිත් උන්ට යන්න කියලා නැවැතුනේ තනියම නිසා......තනියක් නම් නෑ ඒත් කසුනි ඉන්න එක හොදයි අක්කට රිදවන්න මට තව පොයින්ට් එකක්........
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...