49

526 118 5
                                    

#ඔබගෙන්_තරම්
     හතලිස්නමවන හමුවීම

සමහර අවස්ථා තියනවා යමක් දැනගන්න ඉවසීම ප්‍රගුණ කලයුතුම.....අක්කාගේ හැසිරීමේ නියම හේතුව දැනගන්න ගොඩක් ලොකු උවමනාවක් තිබුනත් මට ඉවසන්නම වෙනවා....... පලවෙනි කාරණාව අපි අතර කලිත් තරමට ලංවීමක් නොමැති බව දෙවනි කාරණාව අක්කා අක්කා කියන්නේ පුදුමාකාර විදියට අපි නොහිතන දේවල් හිතන කෙනෙක් වීම...... ඔය හේතු දෙක නිසා මට උපකල්පනය කිරීමක් හෝ කරගන්න බෑ......

" දුමී ...... කන්නෙ නැද්ද ලමයෝ...... අයිස්ක්‍රීම් දියවෙයි......"

ඩිනර් ඉවර වෙලා අයිස්ක්‍රීම් එක කුස්සියේ බිත්තියට හේත්තුවක් දාගන කන අතරෙයි හිටියේ ..... කොහෙද මගේ හිත අතරමං වුනානේ....අක්කා ලගට එනකම්වත් දන්නෙ නෑ........

" හේ...... බබා.... මම දන්නවා ඔයා කල්පනා කරනදේ.......වැඩිය හිතන්න එපා..... මම දන්නවා කරන්න ඕන දේ...... ඒත් එක දෙයක් විතරක් මතක තියාගන්න දුමී මම ඔයාට ආදරෙයි කියන එක මට ඔයාව ගොඩක් වටිනවා කියන එක................"

එහෙම කියන අතරේ හිස පිරිමැද්දේ ආදරණීයව.......ඒ දෑස් පවා සෙනෙහසින් පිරිලා.........

" කෝ දැන් මටත් කවනවද......."

හැමදාම වගේ ඒ පෞර්ෂත්වය ඉදිරියෙ මම අසරණයි ..... ඕනම වරදකට සමාව දීලා මම අක්කව බාරගනිවී.....
මගෙන් කල ඉල්ලීම අහක දාන්න බෑ...

මගෙන් කවාගන දත් සෙට් එකම එලියට දාලා විරිත්තගන.....  මේ කරන කෝලම් වැඩවලට තව ආදරෙත් හිතෙනවා.....දහම් ඉන්න අතරේ අක්කා කරේම කැරකි කැරකි මගේ ලගම හිටපු එක..... මොහොතකින් නැතිවෙලා ඇහිපිල්ලම් ගහන ඇසිල්ලෙන් ආයෙ මතුවෙනනෙ දහම්ට මට ලංවෙන්න ඉඩ නොතියමයි..... වෙනදාටත් වඩා පරෙස්සමින් බලාගන්න මම නොදන්න මුකුත් සිදුවුනාවත්ද...... 🙄

" ආයෙත් කල්පනාවක.... ඕයි කෙල්ලෙ ඔහොම හිතන්න එපා බන් ..... "

නෝක්කාඩු ස්වරයකින් කියන අතරේ නහයත් මිරිකුවා..... අක්කා නම් ඉන්න දෙන්නෙත් නෑ මට........

" රිදුනා හොදේ...... "

බොරුවට තරහ වෙලා වගේ රගපාලා මමත් පැත්තකට වුනෙ තව මේ කෙල්ලව අවුස්සන්න .......

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now