" දුමී අක්කියෝ....ලොකූගේ ඇග රස්නෙයි ...."
මම දැන් මිනිත්තු පහලොවකට කලින්නේ අක්කව එයාගේ ඇදට එක්කගන ආවේ...ඒ වෙලාවෙ මට ඇගේ රස්නයක් දැනුනේ නෑනේ .....
ප්රශ්නාත්මකවම ගිහින් අක්කගේ බෙල්ලටයි නලලටයි පිටි අත්ල තිව්වම ලාවට රස්නයක් නම් දැනුනා.......ඒත් ගනන් ගත යුතු තරමක බවක් නම් නෑ......" අපි කෝකටත් බෙහෙත් ටිකක් දෙමු.... එතකොට මහන්සිය හරි අඩුවෙයි නේ......."
තාන්වි නංගි අක්කාට උණ වගේ කිව්වම මට ඒක පිළිනොගනත් බෑ...ඒත් මට එහෙම මහ ලොකු උණ ගතියක් දැනෙන්නෙත් නෑ....
පෙනඩෝල් පිරිටන් එහෙම ලොකුවට ප්රශ්නයක් නෑනේ දුන්නයි කියලා .....ඔන්න ඔහෙ දෙනවා....ඒත් මේ නැන්දා හිටියනම් මේ ප්රශ්න මුකුත් නෑනේ ...." නංගී , නැන්දා කෝ....."
" අම්මා මාව දාලා හොස්පිටල් ගියා....හදිසි සර්ජරි එකක් කියලා කිව්වේ ....එයාට කතා කරාට වැඩක් නෑ අක්කේ .. ආන්සර් කරන එකක් නෑ......අම්මට අපිට වඩා හොස්පිටල් එක ලොකුයි......"
නංගි වේදනාත්මකව කිව්වේ ඇස් අග කදුළු මට නොපෙනෙන්න පිහිදාගන්න උත්සාහ කරන ගමන්.....
" දුමී අක්කි....මේ බලන්න....."
නංගී මට කතා කරේ අක්කාගේ බෙල්ලට වැටිලා තියන කෙස් රොද අයින් කරන අතරේ....
ලංවෙලා බැලුවහම සුදුපැහැ සම ලා රතු පාට වෙලා.....දිගට සීරුම් සලකුණක්...ඒත් එක්කම ඇදගන හිටිය ෂර්ට් එක කරින් එහාට කරාම දැක්කේ වම් උරහිසෙත් ඒ වගේම සීරුම් සලකුණක් බව...." මේ කොහොමද වුනේ ....."
" මටත් හිතාගන්න බෑ නංගී....."
මටත් හිතාගන්න බෑ ඇත්තටම ඒ සීරුම් ගැන....මමද කරේ....ඒත් මට මතක නෑනේ ....මේකටනම් මට හොද පනිෂ්මන්ට් එකක් ශුවර්....අක්කා පලිගන්නව ගියාම පලිගන්නේ ජිවීතේ එපා කරවන්න....
" ඊයේ කළුවරේ යන්න ගිහින් හරි නැත්නම් අක්කා අතින්ම හරි වෙන්නැති ....."
මට කියන්න බෑ ඊයේ අක්කා හිටියේ මගේ ලග කියලා ...ඒක මොන විදියට තාන්වි නංගිට බලපාවිද දන්නෙ නෑ.....සහෝදරියෝ විදියට හොද සම්බන්දයක් මට අක්කයි තාන්වියි අතර පේන්න තිබුනට අක්කා මගේ ලග හිටිය කිව්වම නංගි ඒක කොහොම බාරගනීවිද දන්නෙ නෑ....මගේ හිත කියන්නේ ඉරිසියාවක් ඇතිවෙයි කියලා ....ඊටපස්සේ අනිවාර්යයෙන් අක්කට කියයි ආයේ එහෙම කරන්න එපා කියලා ....ඒකටත් මම කැමති නෑ.....ඉතින් හොදම දේ නොකියා ඉන්න එක.....මට සෑහෙන්න විශ්වාසයක් තියනවා අක්කත් මේක නොකියයි කියලා ....
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...