#ඔබගෙන්_තරම්
තිස් එක්වෙනි හමුවීමදහම්.....දහම් මොකටද ආවේ....
" කෝ අක්කි ලොකූ...."
" තවම වොෂ්රූම් එකේ...."
තාන්වි වොෂ්රූම් එකේ දොර ලගට ගිහින් අක්කට කතා කරා.....
" ලොකූ.......ඉක්මනට එනවද....."
" ඇයි බබා..."
" දහම් අයියා ඇවිත්.....ඔයාව අහනවා...."
" ඕකේ......ඔහොම ඉන්න කියන්න..."
" බලන්නකෝ අක්කි......අර මනුස්සයාත් එන්නෙ අපේ දවසම කාලකණ්ණි කරන්න..."
එහෙම කියපු කෙල්ල කාමරේට ගියේ ටිකක් දුකෙන්.....මැලවිලා ගිහින් ...මීට මොහොතකට පෙර තිබූ ඒ සතුට දැන් අතුරුදන් වෙලා..
පෙනෙන විදියට අක්කටත් වඩා තාන්වි දහම්ට අකමැතියි....අක්කා ඉක්මනට ඇවිත් මාවත් ඇදගන එයාගේ කාමරේට ආවා.....
" මේ පොඩී එක්ක උඩට වෙලා ඉන්න ...මම අරූව යවලා එන්නම්......මොකට ආවද මන්දා ඔය මිනිහා...... මානෙල් අතේ ඩිනර් එකත් එවන්නම්.....එන්න ඕන නෑ ඌව බලන්න ....හරිනේ....."
මට උපදෙස් ගොන්නක්ම....
" මේ මට අර කළු පාට ෂර්ට් එක අරන්..."
අක්කා මට පෙන්නුවා ඇද උඩ තියන ෂර්ට් එකක්...ඒක අරගන දෙන්න හැරෙනකොටම දැක්කේ මට පිටුපාලා ෂර්ට් එක ගලවලා දාලා ඉන්න අක්කව....පිටිපස්සට අත දික් කරේ මගේ අතේ තියන ඇදුම ඉල්ලලා....ඒත් ඒ නිරුවත් වුන සිරුර මගේ මනස අයිති කරගන....ඉදිරියට යන්න හිතක් නැති තරම්.....
" දූමී .....කෝ.....ඕක දෙන්න..."ලැජ්ජාවෙන් මූණ රතු කරගන බිම බලාගන කමීසය අතට දුන්නා......මෙ තුරාවට මම කවදාවත්ම අක්කව මේ විදියට දැකලා නෑ ඒ නිසාම කම්මුල් වල නහර දිගේ රත් පැහැ ලේ පිරි ඉතිරිලා පිටතට පෙනෙන තරමට.....
" මගේ කෙල්ලට ලැජ්ජා හිතිලා...ද.. "
එක අතක් කුස වටා යන අතරේ අනිකෙන් නිකට හිමිහිට උස්සලා ඒ දෑස් හා යාවුනා.....
" නෑ...."
ඇහෙන නොඇසෙන තරමින් පවසලා ඒ පපුවේ මුහුණ සගවාගත්තේ ඇත්තෙන්ම උපන් ලැජ්ජා සහගත සිතුවිලි නිසා....කලින් දුටු ඒ රූපය තවම හිතේ සක්මන් කරනවා.....වතුර බිදු ඇදෙහැලෙන පිරුණු මස් පිඩු කෙල්ලෙක්ට වඩා කොල්ලෙක්ටයි ගැලපෙන්නේ ..... ඒ මට පෙනුන නග්න සෑම ඉසව්වක්ම සිපගන්න ඇත්නම්....ඒ හැගීම පවා තවත් මාව අපහසුතාවයට පත් කරවනවා.....
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...