23

780 150 11
                                    

#ඔබගෙන්_තරම්
       විසිතුන්වන හමුවීම

ටික් ටොක් ටික් ටොක්
බිත්ති ඔරලෝසුවේ තත්පර කටුවේ ශබ්දය පවා ඇසෙනා තරමට නිහැඩියාවක්.....
මගේ අනෙක් පස සැපට නිදන අක්කාගේ වේගවත් හුස්ම හඩත් ඒත් සමගම මුහු වෙලා....කළුවරේ අතපත ගා  දුරකථනයේ වෙලාව බැලුවා තවම අළුයම....එහෙත් අද නින්ද නම් මට අහිමියි......

    ඇදෙන්ම වාඩිවෙලා ෆෝන් එකේ ටෝච් එක දාගත්තා.....ඒත් ඒ එලිය තද නින්දක ගිලී ඉන්න මගේ නපුරිගේ දෑස් දිහාට නොයවා තියාගන්න ඕන බව මොලයට විශේෂයෙන් මතක් කරේ නැත්නම් මේ නපුරි පව්නේ.....පොඩි එකා වගේ බඩත් උඩ දාගන ෂර්ට් එක පපුව ලගට උස්සගන නිදි.......අක්කාගේ පුරුද්දක් නින්ද යනකම් බඩ අතගාන එක හැබැයි සමහරවෙලාවට විතරයි ...........

     අද මට නපුරු මිනිහාගෙන් කරදරයක් නෑ.....කෙනෙක් ලග ඉන්න කොට හිතේ බය අඩුවෙනවා.......අක්කා කියනවත් වගේ මේ හැමදේම මගේ සිතුවිලි මම මනසින් මවා ගතපු රූපරාමු වෙන්න පුළුවන් ......
   
      පයින් පාරක් එල්ලවුන නිසයි අක්කා දිහා බැලුවේ......එහා පැත්තහැරිලා මම ඉන්නවද බලනවා.. ඇස් පියාගන අත උඩට පහලට අරන් යන්නේ මාව දැනෙන්න.........මාව හොයනවද නින්දෙන්.......🙁........මම එහෙම හීනෙන්වත් හිතුවේ නෑ.....ඒත් අක්කා මාව හොයනවා....😊....

" දුමී......."

යාන්තමින් බර ඇහිපිහාටු උස්සමින් අැහැරෙනවා....

" මොනවද හලෝ කරන්නේ .......ඔයාට පයිත්තියන්ද බබා.....හොල්මනක් වගේ රෑ දෙගොඩ හරියේ ඇහැරගන...."

ඔළුවත් කහ කහම කෙල්ල නැගිටිලා මෙන්න මගේ ලගට ඇවිත් කකුල් දිගත් දිග දාලා බිත්තියට හේත්තු වෙලා වාඩිවෙලා උරහිසට ඔළුවත් තියාගත්තා......

" ඔයා ඉන්න එහෙනම්..... මම ටිකක් වෙලා බැල්කනි එකට වෙලා ඉන්නම්....."

" මෙන්න මෙහෙ ඉන්නවා ඕයි.......ඊටපස්සේ කළුවරේ විලාප ගැහුවම නිදි මනුස්සයොත් බයවෙනෝ......
"
" ඒත් ....."

" වැඩක් නැත්නම් ඔළුව අතගානෝ...."

උකුලෙන් ඔළුව තියාගන ඒ පාර.....වෙලාවකට කෝලම් මඩුවක්.....තරහ වෙලාම හිටියනම් මේ වද මුකුත් නෑනේ ....

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora