11

743 159 11
                                    

එක පාරටම ආයේ ඇස් පියාගන අනිත් පැත්ත හැරිලා පූස් පැටියෙක් හා සමානව ගුලිවුනා.....
මම හිතුවෙම කේන්තියට බනී කියලා අක්කට නින්දෙන් පවා කේන්ති යනවනේ....

     මට මොකද ඔහොම ඔතනම නිදාගත්තාවේ....වැඩි හොද කරන්න ගිහින් නිකම් දෙස් දෙවොල් මොකට අහගන්නවද.....ඒත් පව් නිසාම බ්ලැන්කට් එක මුළු ඇගම වැහෙන්න පෙරෙව්වා.....චූටි ඉඩකින් ඇස් දෙකයි නාහෙයි විතරයි එලියේ.....නිදාගන ඉන්න කොට හරිම අහිංසකයි ඒ වගේ ගොඩක් කියුට්......

" පිස්සු ගෙම්බී......"

අන්න හරි නියමට ගැලපෙනවා ඒ නම....හැමතිස්සෙම දන්නෙ ගෙම්බියෙක් වගේ බොරුවට බක බක කියාගන උඩ පනින්න විතරයි .....
.
.
.
.
     ඊලග මාසයක්ම එක්සෑම් ...පුළුවන් තරම් එක්සෑම් එකට උනන්දු වුනා නිසා අක්කා ගැනවත් මහීන් ගැනවත් මම ලොකුවට හිතුවේ නෑ...

          මහීන් සමාව ඉල්ලන්න තුන් හතර වතාවක් උත්සාහ කරත් මම සාර්ථකව ඒ හැම සැරයකම මහීන්ව මගහැරියේ වරද මගේ නොවුනත් මට මහීන් ඉස්සරහට යන්න බැරි නිසා.....වචනයක්වත් නොකියා ඒ සිදුවීම අතීතෙට එකතු වෙන්න ඉඩ දුන්නා.....පියුමිගේම වගේම කසුනිත් මගේ තීරණයට අමාරුවෙන් එකග කරගන්න පුළුවන් වුනා....නිකම් ප්‍රශ්න ඇති කරගන අප්පච්චී මේවා දැනගන්නවට වඩා ඒ දේ අළුයටම තියනඑක හොදයි.....

" අයියෝ බන් ඒක අවුලක් නෑ....."

පියුමි ලයින් එකේ.....මට නොකියා හදිසියේම ගෙදර ගියාට සමාවගන්නවා......

" ඒත් දැන් උඹ කොහොමද යන්නේ ......"

" යකෝ......මට තනියම යන්න එන්නපුළුවන් ....."

" එහෙනම් පරිස්සමට ගිහින් මට කෝල් එකක් දාපන්....."

" හරි පියූ බුදුසරණයි .....මම තියනවා .....දහයයි තිස්පහ වෙද්දි මම යන්න ඕනා....."

අපේ උන් මම මේ සතියෙත් ගෙදර යන්නේ නෑ කියලා හිතලා මාව දාලා ඊයේ ගිහින් .....ඉතින් අද තමා මට යන්න වෙන්නේ ...සති දෙකක නිවාඩුව නිසා ගෙදර යන්නම ඕනා.....

    බෑග් දෙකත් සුදානම් කරගන පහලට යද්දී අක්කා කෝල් එකක ඉන්නවා දැක්කා.....අද සෙනසුරාදාවක් වුනත් ඇයි එයා තවම ගෙදර......මම උදේ බලද්දි හිටියේ මානෙල් විතරයි .....නැන්දාට ඊයේම කිව්වා මම යනවා කියලා  නැන්දා අදත් දවසම වැඩ නිසා.....තාන්වි ක්ලාස් ....කෙල්ලත් උදේ පරිස්සමෙන් යන්න කියලයි ක්ලාස් ගියේ......එතකොට අක්කා පාන්දරම යනවා ඇහුනා එතකොට දැන් ගෙදර......මම නාගන්න අතරේ එන්න ඇත්තේ............

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora