41

581 112 0
                                    

#ඔබගෙන්_තරම්
     හතලිස්එක්වන හමුවීම

ජීවිතය කියන්නේ දීර්ඝ ගමනාන්තයක්....ඉමක් කොනෙක් නොපෙනෙන සාගරයක අතරමං වෙලා ගොඩබිමක් සොයාගන පිහිනා යනවා මෙන් හැගීමක්......
      
      එතකොට ආදරය විටෙක ගමනට අහසේ උතුරු දෙසින් පායන තාරකාවක් ගමනාන්තය නිවරදිව දක්වන නොමැති නම් මර උගුලක් මුලා කරවන.......

      මගේ ජිවතයේ සියල්ල මේ වනතෙක් සිදුවූ සියලුම දේ අයිති මටම පමණයි.....හොදද නරකද ඒ සියල්ලම මගේම පමණයි.....ඒත් තවත් මතකයක් හැමදාම මනසට රිංගල ඉදිරිය ගැන දැනුවත් කරනවානම් නැත්නම් අනතුරු අගවනවානම් ඒක හරිම සංකීර්ණයි..... සියල්ලම දැන් අළු යට ඇති ගින්දර වගේ .....කොයි මොහොතක ඇවිලී ගිනගන යාවිදැයි අනුමානයක්වත් කල නොහැකි....

චාන්වී..........
චාවි අක්කා .....
මගේ ජිවීතේ මේ තරම් වෙනස් කරායි කියලා මට දැනුනා.....ඒ සංසාර පුරුද්දට .....මම දැන් ඒක විශ්වාස කරනවා......අපි අතර සම්බන්දයක් තියන වග.....මේ ජිවිතයට පමණක් නෙවෙයි පෙර ජීවිතයටත්....... ඒ වගේම එදත් අපේ සම්බන්දය ආදරයම වූ වග.....

අක්කව හොයාගන මල්කා අක්කලයි ගෙදරට ගිය ඒ ගමන එදා අක්කව මම දැකපු විදිය මෙතෙක් මගේ හිතේ හැංගුන ගොඩක් දේවල් අවදි කරන්න සමත්වුනා.......

දෙදණ අතර හිස හොවාගන සීතල ටයිල් පොලොවේ බිම ඉදගන බිත්තියකට හේත්තු වෙලා අක්කා මගේ හඩට ඔළුව උස්සලා ලාවට රත් පැහැ ගැන්වුනු දෑසින් මා දිහා බලද්දි මගේ මතකය ඇදී ගියේ වසර ගණනාවක් පිටුපසට......එක නපුරු අදුරු රාත්‍රියකට.....ඒ දසුන හරියටම මට පැහැදිලියි....අක්කාගේ හිතේ මා වෙනුවෙන් උපන් ආදරය කොතරම්ද කියන්න ඒ මතකයට පුළුවන් වුනා.....

     " බර කල්පනාවක.....අහස පොලොව ගැටලන්නද හිතන්නේ ...."

මගේ පසුපසින් සිනාසී සිටියේ මල්කා අක්කා....මේ ගෙවෙන්නේ තෙවනි දවස අක්කා තවමත් මේ වහල යට සිටින....

" නෑ අක්කේ .....මට බෑ කවදාවත් සැබෑ නොවන සිතිජ ඉම වෙන්න...."

ඒත් ඇයගෙන් ලැබුණේ සුන්දර මදහසක්.....හරියට පොඩි එකෙක්ගේ සොදුරු වරදකට ගුරුවරයෙකුගේ සිනහවක් බදු.....

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now