#ඔබගෙන්_තරම්
තිස්හයවන හමුවීම" ඇති බන් දැන් ......උඹ ආපු වෙලාවේ ඉදන් මාව ජෝක් එකට අල්ලගන "
කසුනි එක කෝල් එකක් නිසා දුවගන ආවේ මාව බලන්න...ආපු වෙලාවෙ ඉදන් කරන්නේ මාව විහිලුවට අල්ලගතපු එක...ඒ ඔක්කොමත් හරි අක්කා මට කියලා ගෙනත් දීපු ඉතුරු චොක්ලට් ටිකත් මේකි කනෝ......
" ජෝක් නෙවෙයි බන්....මම සීරියස් කිව්වේ ....කොහෙද උඹ මට ලව් එක ගැන කියන්නේ නෑනේ .....මම ඉරිසියා කරන්නේ නෑ බන්....."
" ලව් එකක් නෙවෙයි දැන් ඕක කාලා ඉවරනම් මට අර වලව්ව ගැන කියපන්.... ෆොටෝස් එහෙමත් තියනවා නේ පියුවා දවසක් කිව්ව උඹ ලග තියෙයි කියලා ..."
" අනේ වස්තු .....විනාඩියක් ...."
මේකිට විනාඩියක් ඕන වුනේ ඇගිලි ටික සූප්පු කරන්න.....යාළුවා කියලා නොබලා හොම්බ බොම්බයි මොටයි වෙන්න ගහන්න හිතයි....එ්ත් එතකොට මට මේ විස්තර ටික දැනගන්න බැරිවෙනවනේ .... ඒ නිසා මේ පලිය මම පස්සේ ගන්නම් අදට ඉවසමු......
" ම්ම්ම් ......පට්ට ආ..... ".
උදේ හීල් දානේ ගෙදර ඉතුරු වුන ඉදියාප්ප , ආප්ප ටිකක් කාලා මගේ චොක්ලට් ටිකයි තව අයිස්ක්‍රීම් ඒවා මේවා ඔක්කොම මේකිගේ බඩේ.....මූට තියන බඩක් නෙවෙයි කලගෙඩියක්.....නෑ නෑ බැරල් එකක්.....
" හරි දුමී......දැන් මොනවද මගෙන් වෙන්න ඕන......"" මට දැනගන්න ඕන ඒ වලව්ව ගැන උඹ දන්න ඔක්කොම ......හැමදේම ......"
" හරි..... ඔය වලව්ව එක්දහස්නමසිය මුල් ගනන් වලදි හදපු එකක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කාලේ..... බැලුවහම පේනවනේ සංස්කෘතීන් කීපයක එකතුවක් මේකේ තියනවා .... ඕලන්ද ආභාශය එහෙමත් කැපිලා පෙනවා..... ඔය වලව්ව බන් තනිකරම හැදෙන්නේ ඒ පවුලට අවශ්‍ය විදියට..... මම අහපු විදියට වෙලදාම වගාව යන හැම පැත්තකින්ම දියුණු වෙච්ච පවුලක්..... "
" තව මොනවද...."
ඇත්තටම තව මොනවද මම දැනගන්න ඕන....මට පේන අය ඒ වලව්ව එක්ක තියන සම්බන්දය මම දන්නෙ නෑනේ .....ඒ වලව්වෙ අය වෙන්නත් පුළුවන් .....ඒත් කොහොමද හරියටම දැනගන්නෙ ...
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...