02

1K 176 11
                                    

තාන්වි නංගියි මානෙල් නැන්දයි දෙන්නම පුදුමයෙන් වගේ හිටගන....කුතුහලය බය මුහුවෙච්ච ඒ මුහුණු දැක්කම මට ඇතිවුනේ අනුකම්පාවක්....පැය විසිහතරක්වත් ගෙවිලා නෑ මම මේ බිමට පය ගහලා ඒත් මනුස්සකම් හොදටම තියන හදවත් දෙකක් මම ඉස්සරහ...

" අක්කියෝ....මම හොදටම බයවුණා...."

" අනේ ඔව් නෝනේ....නෝනාගේ සද්දෙට මමත් විගහට ආවනේ...."

මානෙල් නැන්දා නම් පපුවට අතත් තියාගන....නංගී නම් ඇදෙන් ඉදගත්තා...මගේ සිනහවෙන් තමයි ඒ මුහුණු නැවතත් ප්‍රසන්න වුනේ ....

" අක්කී...හීනෙන් බයවුනාද...."

තවම මට වචන පැටලෙනවා මම මේ සිදුවීම දකින හැම දවසකම ඇහැරෙන්නෙ දහඩිය පෙරාගන... හදවත වේගෙන් ගැහෙනවා..හැමදාම මේ මට අදාලම නැති දේ මගේ ඇස් ඉදිරියට එද්දී මම ගොළුවෙක් වෙනවා....මට දැනුනේ මම ඒ මොහොතේ ජිවත්වෙනවා කියලා .....ඒ දරුවාගේ කදුළු දැක්කහම පපුව පිච්චිලා යනවා.....

" මම කෝපී කෝප්පයක් අරගන එන්නම්කෝ......පුංචි බේබිටත් හදන්නද...."

ආයෙම වතාවක් සිහිනයේ අතරමං වුන මම මේ ලෝකෙට ආවේ මානෙල් නැන්දගේ හඩින්....
මාවයි නංගියි තනිකරලා යන ගමන් කාමරේ දොර උළුහස්ස ලගට වෙලා ඇහුවේ අපි දෙන්නගෙන්ම.....

" මටත් කොෆී "

" හා පුංචි බේබී....."

මානෙල් ගියාට පස්සේ නංගි තද කරලා මගේ අතත් අල්ලගත්තා...පරීක්ෂාකාරී ලෙස මාගේ හැගීම් විනිවිද යන දරාගන්න අපහසු දෙනෙත් කාන්තියකින් නංගි මගේ දිහාම බලාගන....

" දුමී අක්කි....."

නංගී වචන එකතු කරන්නේ මාව සනසවන්න ඒත් නොහදුනන අයෙක්ට මට දැනුන දේ කියන්න මට අවශ්‍යතාවයක් නෑ.... තාන්වි නංගී හොද කෙනෙක් නමුත් තවම හිතේ අභ්‍යන්තරයේ නලියන හැගීම් බෙදාගන්න තරම් කුළුපගු කමක් අපා අතර ඇතිවෙලා නෑ.

" නෑ නෑ පැටියෝ ..... නරක හීනයක් දැක්කනේ......."

" ඒ වුනාට අපිටනම් ඇහුනේ බෝයි කෙනෙක්ගේ නමක් කියලා කෑගහන බවක්....නරක හීනෙක ලස්සන කොල්ලෙකුත් ඉදලා...."

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora