29

697 131 2
                                    

#ඔබගෙන්_තරම්
      විසිනමවන හමුවීම

" බයවුනානේ .... 😏 "

තදින් වසාගත් දෑස් විවර කරේ ඒ නිවුනු හඩින්..
බේරගන්න කියලා කෑගහන්න ප්ලෑන් කරාට ඒ උණුසුම හැම නහරයක් පසාම දිවයද්දි මටත් හොරාම මම අක්කාට අවනත වෙනවා..

මට පීඩා දෙන කෙහැරැලි කන් අගිස්සේ රදවලා අක්කා මගේ හිස මෘදු හාදුවකින් තෙත් කලා....

" පරිස්සමින් ගිහින් එන්න මගේ රෝස මලේ...."

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

" පරිස්සමෙන් ගිහින් එන්න.. මගේ රෝස මලේ....."

ගෙවුනු හෝරා පහ හය පුරාම මගේ දෙසවන් තුල රැව් පිළිරැව් දුන්නේ ඒ වදන්.....ඒ වචන ස්පර්ශ කරේ මගේ හදවතේ ගැඹුරම තැන....මතක් වෙන වාරයක් වාරයක් පාසාම අමුතු හැගීම් ගොන්නක් උපදිනවා.....

     මට දැනෙනවා ඒ ආදරය.....ඒ මොහොතේ ලංවෙලා දෑස් වල ගිලුනම මට පෙනුනේ මාවමයි...

" දුමීයෝ.....උඹ හොදින්ද බන්...."

උරහිසට අත තියන ගමන් මට පිටුපසෙන් ඇහුනේ කසුනිගේ හඩ...ඩෙස් එකට හිස තියාන කල්පනා සයුරක ගිලී හිටිය නිසාමදෝ මට කෙල්ලගේ ආගමනය දැනුනේම නෑ..

" ප්‍රශ්නයක් නෑ බන්....."

" ඒ වුනාට උඹ දැන් ඉන්නේම අවුලෙන්..... අපිට කියන්න බැරි දෙයක් ද බන්.....මොකද උඹ ඔහොම ඉන්නවා බලාගන ඉන්න බෑ..... "

" අයියෝ ..... මම හොදින් ....."

" අනේමන්ද බන්....උඹ වෙලාවකට තනියම හිනාවෙනවා.....තව වෙලාවකට තනිකරම මනෝ ලෝකේ....ඔහේ බලාගත්තු අත බලාගන කල්පනා කරනවා..... "

ඔව් එහෙම වෙන්නැති ....හැමවෙලාවකම මගේ නපුරි කරදර කරනවානේ....

" හ්ම්ම් ........"

" මට හිතෙන්නේම උඹට දරුණු සුව කල නොහැකි ලෙඩක් වැලදිලා කියලමයි....."

" කියපන් බලන්න මොකක්ද කියලා ....."

යකෝ මම වත් නොදන්න මොකක්හරි විකාරයක් කියයි ඉතින් ....හිනාවෙන්න හරි අහගන්න ඕන...

" වෙන මොකක්ද ලව් සික් ඕයි ලව් සික්..... "

" ලව් සික්....."

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora