" අක්කි ඔයා මෙහෙන් යනවද....."
තාන්වී නංගි ඇහුවේ ගොඩක් දුකින්.....
" බලමුකෝ නංගී...."
නංගි , අක්කගෙයි මගෙයි කතාව අහගන හිටියනම් තවත් බොරු කියලා තේරුමක් නෑ....තවම මට අදහසක් නෑ මෙහෙන් යනවද නැද්ද කියලා ....ඒත් එක එකාගෙන් වචන අහනවට වඩා මගේ පාඩුවෙ මේ ගෙදරින් යන එක හොදයි කියලයි මට ඇත්තටම හිතෙන්නේ .........
" ඇත්තම කියන්න.....ඔයා යනව නේද......ඒකනේ හරියට නොකියන්නේ ...."
" ඇත්තමයි පොඩ්ඩෝ ....මම තවම හිතුවේ නෑ......"
" අපේ ලොකූ කේන්තියට බනින්නෙ ....එහෙම නැතුව ලොකූගේ අකමැත්තක් නෑ...."
" සමහරවිට ...."
මමවත් හරියට දන්නෙ නෑ අක්කට මාත් එක්ක තියන ප්‍රශ්නෙ මොකක්ද කියලා ....සැරින් සැරේ කරන්නේ එකිනෙකට පරස්පර වැඩමයි....දවසක් හොදින් හිටියොත් ඊලග දවසේ අංශක එකසියඅසූවකින්ම අක්කා වෙනස්.....
" නංගී....ඔයාලා තුන්දෙනාම අහගන හිටියද........."
පියුමියි කසුනියිත් හිටියනේ.....උන් දෙන්නට ඇහුනනම් අනේමන්ද ඉතින් ....
" නෑ නෑ අක්කි.......මමයි ඉස්සරවෙලා ආවේ.....ඔයා අපේ දිහා බැලුවේ ඒ අක්කලා දෙන්න ආපු ගමන්ම වගේ .....මුකුත් ඇහෙන්න වුනේ නෑ......."
" උන් දෙන්නත් මගේ ගැන වැරදියට හිතනවද දන්නෙ නෑ චාවි අක්කා වගේ ....."
" අපේ ලොකූ එහෙම හැමෝටම බනින්නෙ නෑ අක්කි.....එයා වදවෙනවම් හොයනව බලනවම් ඒ එයාට වැදගත් කෙනෙක් ගැන විතරයි ....ලොකූ කවුරුවත් හදන්න උපදෙස් දෙන්න යන්නේ නැති කෙනෙක් හැබැයි එයාට මොනව හරි වැදගත් කමක් තියනවනම් විතරයි එයා හොයන්නෙ ......අපේ ලොකූට ඔයාත් නංගි කෙනෙක් වගේ ....ඒකයි අක්කි ඔය සැර......."
ඇත්ත වෙන්නත් පුළුවන් ....අක්කා කොහොමත් වදවෙන්නෙ එයාට වැදගත් කෙනෙක් ගැන විතරයි ...
" බලමුකෝ තාන්වි ...."
" අනේ ඔයත් ගියාම මට පාළුයි......"
" පිස්සු කෙල්ල ....ඔයාට පාළු දැනෙන්න මහ කාලයක් මම මෙහේ හිටියද....."
" ඒ වුනාට ....."
" අයියෝ හරි පැටියෝ .....මම දැනට ඉන්නවා .....දැන් හිනාවෙලා ඉන්නකෝ....."
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...