#ඔබගෙන්_තරම්
විසිඅටවන හමුවීමවිදුලි වේගෙන් දෑස් හතරවටේටම ගෙන ගියත් අක්කටවත් මටවත් අපි දිහා බලන් ඉන්න කිසිම කෙනෙක් නම් හමුවුනේ නෑ...
අක්කා සෝෆා එකේම ඉන්න අතරේ නැගිටලා ඇවිදලා බැලුවත් කවුරුත්ම නෑ....එතකොට ඒ සද්දේ........ආපු දිශාවක්වත් සොයාගන්න පුළුවන් වුනේ නෑ මට..... හිතේ බයට ඇහුන ශබ්දයක් වෙන්නත් නොහැක්කේ මට වගේම ඒ හඩ අක්කටත් ඇහුණ නිසා...
ලබ් ඩබ් සංගීත ප්රසංගය උච්චතම අවස්ථාවට පැමිණියේ කොරිඩෝ එකේ ඇවිදගන යද්දී මොකද මානෙල් ඒ වෙන කොටත් අක්කාගේ රූම් එකේ කිලිටි රෙදි බාස්කට් එක ගන්නවා....ඒ ආවේ මානෙල්ද......
" දුමී නෝනේ.....හෝන්තු මාන්තු ගතියෙන් මොකද.....අසනීපයක්වත්ද දෙවියනේ ............."
" නෑ නෑ..... මානෙල් නැන්දා දැන්ද උඩට ආවේ....."
" ඔව් නෝනේ .....ලොකු බේබිගේ කිලිටි රෙදි ටික මැෂින් එකට දාන්න ඕනනේ....."
" ආහ්.....හරි එහෙනම් ...."
මානෙල්ගේන් නම් අපිව දැකපු බවට කිසිම හෝඩුවාවක් නෑ....එහෙනම් මානෙල් වෙන්නත් බෑ.....
මම ආපහු යද්දී අක්කා තනියම නැගිටලා මගේ ඉස්සරහට එනවා......
" අක්කේ .....ඒ සද්දෙ ......"
" හුලගට වෙන්නැති බබා..... "
අක්කටනම් ගානක් නෑ වගේ ....අර කිව්ව වගේ හුලගටද
...... අනේමන්ද ....ඔන්න ඔහේ කමක් නෑ....බයවෙන්න දෙයක් නෑනේ ....ඊටත් අක්කා එහෙම දෙයක් නම් බලාගනී.....
" ඔහොම ඉන්න ....."
අක්කව අල්ලගන එක අතක් මගේ උරහිස් මතින් දාගන පොඩි උදව්වක් දුන්නා.....කාමරේට ඇවිත් ඇද විට්ටමට කොට්ට දෙකක් හේත්තු කරලා අක්කට හේත්තු වෙලා ඉන්න හදලා දුන්නා.......
කාමරේ මේස උඩ තිබුන ප්ලාස්කුවෙන් වතුරත් වීදුරුවකට පුරවගන උදේ බෙහෙත් ටිකත් අතටම ගෙනත් දුන්නෙ මේ හොර කෙල්ල මට විශ්වාස නැති නිසා.....
හිතේ තවම හොල්මන් කරන්නේ ඉස්සෙල්ලා ආපු හඩ.....
මේ පාර රිස්ක් එක නොගනම කාමරේට එද්දිම අක්කාගේ කාමරේ දොර ලොක් කරා.....නැත්නම් හිතේ බයෙන් ඉන්න වෙන්නේ ......
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...