#ඔබගෙන්_තරම්
දහහත්වන හමුවීම" සීයේ......."
අපේ පිටුපසින් හිටියේ අපේ ගමට අළුතින් පදිංචියට ආපු ඒ සීයා.......බුලත් විට හපලම අව පැහැ ගැන්වුනු තැනින් තැන දත් හැලුනු මුවින් මම එක්ක සිනහ වුනේ හදවතින්මයි....යන්තමට මදක් කුදු ගැහුනු බවට අත්වැලක් වුන හැරමිටිය පෙරදා වැස්සෙන් තෙත බරිත වු පොලවේ රවුම් සලකුණු තබනවා.....
" සීයේ....පරිස්සමට ...."
තෙත බැහැපු පොලොවේ තැනින් තැන බොරු වලවල්.....තව පොඩ්ඩෙන් සීයා බිම....ඊට ඉක්මනට අක්කගේ අතට බෑග් ටික දාලා අඩියක් දෙකක් ඉස්සරහට පැනලා සීයාව අල්ලගත්තා.......
" ඔය ළමයට පින්...."
ගොරහැඩි හඩින් කිව්වහම මට විශ්වාසයි මටත් සතුටක් දැනුන වග..... වයසක අයට උදව් කරන්න මම කැමති වුනත් ඒ හැම කෙනාවම මට ප්‍රසන්න නෑ...ඒත් මේ සීයාගේ නම් හුරුපුරුදු බවක් දැනෙනවා.....
දුඹුරු පැහැ ගැන්වුනු දෑස එක් ඇසිල්ලකින් මගේ ලගින් ඉවත්වෙලා නැවැතුනේ අක්කා ලග......
" ඔය දරුවෝ...."
" අපි පන්සල් යන්න සීයේ....."
" හොදා හොදා..... අදුර වැටෙන්න කලින් ගියානම් එහෙනම් ....."
" ප්‍රශ්නයක් වෙන එකක් නෑ සීයේ.....අපි දෙන්නෙක් ඉන්නවා නේ....ඊටත් කළුවර වැටුනොත් අප්පච්චීත් මගට එයි..."
බොර පැහැ ගැන්වුනු ඒ දෑස් බල්ම අපේ දෑත්වලටයි..... මමත් එක පාරකට අක්කාගේ අතින් අල්ලගන.....
" පූරුවේ කරුම පතාගනම එනවා ලමයෝ.....දුවලයි අප්පච්චීටවත් බෑ නොව ඒවා නැති කරන්න ....එහෙනම් බලාගන ගියානම්........."
ඒ හමුවීමට තිතක් තියලා අඩිය ඉක්මන් කරේ තවත් හවස් වෙන්න කලින් පන්සලට යන්න........මගේ පූරුවේ කරුමේ තමා ඔය හති දාගන පස්සෙන්ම එන්නේ ...ලොකුවට යන්නේ ජිම් ඒත් කන්දක් නගින්නෙ හතර ගාතෙන්...තනි ඇහැට ඇඩෙනෝ දෙවියනේ ...
" ඒයි හිමින් යමුකෝ....."
" ඇයි දැන එනගමන් කිව්වේ මම හරිම ෆිට්නස්.....ස්ලිම් ෆිගර් තියන අපිට ඕව මොන ගේම්ද කියලා ......"
KAMU SEDANG MEMBACA
ඔබගෙන් තරම් || G×G
Romansaඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...