#ඔබගෙන්_තරම්
හතලිස්හත්වන හමුවීම" ඔව් චාන්වී දැන් ඔයා මේ හැමදේම දැනගන්න ඕන හරිම කාලේ ඇවිත්..... "
ලමානිවාසේ ලොකුමැඩම් මුල පුරන්නෙ බොහොම බැරෑරුම් කතාවකට... ඊට පෙරාතුව දුක මුහුවෙච්ච සිනාවකින් මගේ දිහාත් බැලුවා..........
මමත් අක්කාගේ අත ඒ මොහෛාතෙම අල්ලාගත්තෙ මේ සිදුවීම කුමක් වුනත් ඒක අක්කාගේ ජිවීතේට ලොකු බලපෑමක් කරන්නට යන බැව් ඉවෙන් මෙන් වටහාගත් නිසයි.... මේ මොහොතේ අක්කට උදව් අවශ්‍යමයි..." චාන්වී මම දන්නවා ඔයාගේ අම්මවත් ඔයාගේ තාත්තවත් කිසිම දවසක මේ දේ ඔයාට නොකියන බව ඒක ඒ දෙන්නම ඔයාට උපත දුන්න අම්මට ඒ කිව්වේ තේජාට උන පොරොන්දුවක් .......
ඔයාගේ තාත්තා ආදරේ කලේ තේජාට මැරි කරෙත් තේජාව... තේජාට පුළුවන් වුනේ තමන්ගේ දරුවාගේ මූණ බලාගන්න විතරයි ... දුවව බඩට ආපු දවසේ ඉදලම තේජා දුවට ගොඩක් ආදරේ කරා ඕන අම්මා කෙනෙක් එහෙම තමයි ඒත් තේජාගේ ආදරේ වෙනස්..... දුවගේ අම්මාට සමහරවිට කලින් දැනෙන්න ඇති දුවව දාලා යන්න වෙන බව ඒ නිසාම ඉද්දමල්ගොඩ පරම්පරාවෙ හැම උරුමයක් දුවගෙ නමට ඒ කාලෙම ලිව්වා.....දුවගෙ දැන් අම්මා තමයි තේජාගෙ හොදම යාළුවා ... ඉතිම් ඒ යුතුකමට තමයි දුවගේ අම්මා දූව බාරගත්තෙ....
මම දන්නවා චාන්වී මේක ඔයාට දරාගන්න ගොඩක් අමාරුයි කියලා අවුරුදු විසිහයකට පස්සේ තමන් ගැන ඇත්ත දැනගන්න එක විශේෂයෙන් තමන්ට උපත දීපු අම්මාගේ ඇත්ත දැනගන්න එක ඕනම කෙනෙක්ට අමාරුයි ...................
ඒත් දැන් නියම කාලය හැමදෙයක්ම දැනගන්න ........... "
මට දැනෙනවා අක්කව වෙවුලන බව.... මගේ අත තදින් මිරිකාගන ඒ හැම වචනයකටම ඇහුම්කන් දෙනවා....
" ඒ කියන්නේ මගේ අම්මා නැතිවුනේ "
" දූ ඉපදීලා හරියටම දවස් තුනකට පස්සේ ... තේජා කියන්නේ හාට් පේෂන් කෙනෙක් අනිවාර්යයෙන් ඩොක්ටර්ස්ලා කිව්වා දරුවෙක් හදන එක අවදානම් කියලා .... ඒත් ඔයාගේ අම්මට ඔයාව ඕනවුනා චාන්වී .... "
එතනින් පස්සේ ඇය හා වුන කතාව කෙලවර වුනෙ අපි ඔක්කොමගෙ ඇස් කදුලින් තෙත් කරවලා..... මම දන්නෙ නෑ අක්කා කොහොම මේ දේ බාරගනිවිද කියන එක.....මට තියන බය මේ ඇත්ත නිසා අක්කා නැන්දාගෙන් තවත් ඈත්වේවිද කියන එකයි.......
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...