#ඔබගෙන්_තරම්
තෙවන හමුවීම....." මම දුවව බය කරානේද....."
අඩ අදුරේ වුනත් නැන්දගේ මදහස නම් මට හොදටම පැහැදිලියි....මගේ පිටුපස හිටියේ නැන්දා ....නැන්දාගේ උසත් මටම සමාන නිසා දෙදෙනාම එක එල්ලේ........
බය කරාදත් අහනවනේ තව...මගේ ලබ්ඩබ් හඩ නැන්දටත් ඇහෙනවා ඇති ..
" ඇයි දූ මේ රෑ......මම නින්දෙන් ඇහැරුනේ අඩි සද්දයකට...පස්සේ බලද්දි තමා කිචන් එකේ ලයිට් එක දැක්කේ .... මම හිතුවේ මානෙල්වත්ද කියලා ....කලබලේ මොකද බලන්නයි පහලට ආවේ...."
" වතුර බෝතලයක් ලග තියාගන්න අමතක වුනානේ....ඒකයි නැන්දේ පහලට ආවේ...."
" දැන් එහෙනම් ගිහින් නිදාගන්න දුව "
පිට ගෙදරක මහ රෑ ඇවිදිනවා....ඇත්තතමයි අප්පච්චී දන්නවා නම් කන මිරිකලා....
මට එහෙම කියපු නැන්දා හැරුණේ සාලේ දිහාට ...
" ගුඩ් නයිට් දූ......මම යනවා ඔෆිස් රූම් එකට...."
" ගුඩ් නයිට්...."
නැන්දා මට නොපෙනීම කාමරේට ගියා....තරප්පු පෙල නගිද්දි අඩි සද්දයක් නොනැගෙන තරමට නගින්න මම පරිස්සම් වුනා....ෆෝන් එකේ එලිය මට අවශ්‍ය නොවුනේ සාලේ ලයිට් එකේ එලියෙන් යාන්තමට උඩටත් ආලෝකයක් ලැබුන හෙයින්...පාවහන් රහිත නිරුවත් දෙපා කුඹුක් ලී පොලොවේ වැදෙද්දි දැනෙන්නේ අමුතු සනීපයක්....අප්පච්චී කිව්වා මතකයි බිමට කුඹුක් ලී දාන එක ඇගට නම් ගුණයි කියලා.....
කාමරේ දොර සීරුවෙන් පිටුපසට කරද්දි ඇස් යොමුවුණේ තව ආලෝකයක් එන දිශාවකට.....ඒ තාන්වි නංගිගේ කාමරේ නම් නෙවෙයි ....එහෙනම් ඒ ...ඔව් මට හිතුන විදිය හරි....අගලක් දෙකක් ඇරිලා තියන දොරින් හද එලිය කහ පාට තීරුවක් වගේ බිත්තියේ පතිත වෙලා.....ඒ තීරුවේ රටාවකට වගේ සමහර තැන් අදුරු වෙලා නැවතත් එලිය වෙනවා.....
හිතේ ඇතිවුනු කුකුස නිසාවෙන්ම පරිස්සමට ලංවුනා දොර ලගට....ඇරුනු දොරින් දැක්කේ ජනේලෙ ලග මට පිටුපාලා ඉන්න ඇය....තත්පර කීපයකින් කීපයකට සැරයක් බිත්තියේ අලෝකයට හෙවනැල්ලකින් එන අදුරු බවක් වැටෙනවා...එක් ක්ෂණයකින් ඇය හැරුණා අදුරේ පේන්නේ නෑ ඒ මුහුණේ හැගීම් ඒත් දැන් ඇය නාස්පුඩු වලින් ඉහලට මුදාහරින දුම් වලාවන් මට පැහැදිලිය....ඒ දුම් වලාවන් වල හෙවනැල්ලයි එහෙනම් බිත්තියේ සද එලිය අදුරු කරේ.....
නාස්පුඩු ඉහලට අදින වාරයක් පාසාම රත්පැහැ ගැන්වුනු සිගරට්ටුවේ කොන දුම් වලාව ඉහලට යනවා සමගම මලානික වෙලා යනවා......ගැහැණියක් සමග දුම්වැටියක් මට අමුතු අළුත් දෙයක් නම් නෙවෙයි ....මේ ගෙන්දගම් පොලොවේ මම ඒ දසුන දැකලා ඇති ....ඒත් මේ දර්ශනය මට එක්කලේ රසවින්දනයක් ඒ හුස්ම ඉහලට පහලට වැටෙන විදිය සද එලියෙන් විනිවිද යද්දි මම ලැබුවේ තෘප්තියක් ...
ESTÁS LEYENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...