මුළු අහසම වලාවන් වලින් පිරිලා සුදු පාටට බබලනවා.....වලාකුළු නේක රටා මවමින් ඔහේ දිශා මුක්තව පියඹා යනවා.....මදහසක් දෙතොල්තර රදවා ගත් ඇය වලාවෙන් හැඩවෙලා කෙමෙන් ලංවෙද්දී ඒ සිසිලස පරයා යන්නට දවාලන්නට සමත් උණුසුම් රක්ත වර්ණ ගිනි පුළිගුවක් ඇය මත ලේ රත් පැහැයෙන් විසිර යන්නෙ ඒ මගේ දෙකොපුල් මත කදුළු බිදු පතිත කරලා......
ඇගිලිතුඩු වලින් දෙකොපුල් මත ඇති කදුළු බිදු තවරා දෑස් ඉදිරියට ගෙන එද්දි ඇගිලිතුඩු පවා ලේ රත් පැහැ වෙලා......
" ආ..........අප්පච්චී ......"
දහඩියෙන් නැංවිලා දෑස් විවෘත කරද්දි දෑස් උඩ කැටයම් සහිත සිවිලිම පමණයි ....ලොකු හුස්මක් වාතලයට මුදාහැරලා නැවත දෑස් වසා ගත්තේ හිස පුපුරන්න තරමට කකියන බැවින් යම්තාක් හෝ සැනසීමක් ලබාගන්න...." දුමී නෝනා....."
මානෙල් මගේ කාමරේ..." දුමී නෝනා....මොකද වුනේ ......"
" අදත් නරක හීනයක් දැක්කනේ......"
පොරවනය ඇගට තුරුළු කරගන නැගිටලා බිත්තියට හේත්තු වෙලා වාඩිවුනා.....
ඊයේ දවසේ මට මතක සිදුවීම් තත්පර කිහිපයක් තුල මගේ දෑස් ඉස්සරහා ඇදී මැකී ගියේ සිනමාපටයක් වගේ ......." ඉඩ තියන දවසක පන්සලක යමු නෝනේ....අපි ලොකු නෝනාටත් කියමු...."
" අනේ ඕන නෑ මානෙල් නැන්දේ ...."
මානෙල් මගෙන් ඊයේ රෑ ගැන මොකුත්ම අහන්නෙ නැත්තේ මානෙල් මේ ගැන දන්නෙ නැතුවද...මට ලාවට මතකයි මම ගෙදරට ආපු විදිය....මහීන් මාව කිස් කරපු විදිය....කවමදාවත් නැතුව මම අර දහ ජරාව කටගාපු විදිය....මට මම ගැනම දැනෙන්නේ අප්පිරියාවක්....ඇයි දෙවියනේ මම ඒ වගේ මෝඩ වැඩක් කරේ.....දැන් කොහොමද අක්කටයි තාන්වි නංගිටයි මුහුණ දෙන්නෙ .....
" දුමී නෝනා....බරටම කල්පනාව මොකද..."
මගේ නිශ්ශබ්දතාවය නිසාමදෝ මානෙල්ගේන් නැවතත් ප්රශ්නයක් ....
" ඊයේ වුන දේ ගැන හිතුවා....."" ඊයේ රෑ ඔය දරුවා දැකපු විදියට මට උන්හිටි තැන් අමතකම වුනා....ඇයි දුමී නෝනා එහෙව් කොල්ලෙක් එක්ක පැටලුනේ .....පොඩි බේබී මට විස්තරේ කිව්වා.....පූරුවේ පිනකට ඔහොම බේරුනා ....."
VOCÊ ESTÁ LENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...