53

549 119 7
                                    

#ඔබගෙන්_තරම්
          පනස්තුන්වන හමුවීම

කාලය කියන්නේ තත්පරයක් තත්පරයක් පාසාම සිදුවන සියල්ලක්ම අතීතයට එකතු වීමයි..... අපේ ජිවීතේ මොන ප්‍රශ්නයක් ආවත් අපිට බෑ කාලයට එදිරිව යන්න ......තවත් අළුත් දවසකට හිරු උදා වුනා....... සැඩ කුණාටුවකට කලින් පවතින්නාවූ වූ මූසල නිහැඩියාව මුළු නිවස පුරාම......... 

සුදු පාටින් හැඩවුනු සිවිලිමට නෙත් යොමාගන ගැඹුරු කල්පනාවක නිමග්නව නිදි වර්ජිතව ගත කරපු රැයේ අවසානය සනිටුහන් වුනේ කොට්ටයට පසෙකින් රැදි ජංගම දුරකථනය නාද වීමෙනි...

සතියේ දිනෙක සුපුරුදු ඇමතුමක් .... දිනපතාම වගේ උදේට එනවාදැයි ඒ කීයටදැයි අසන කසුනිගෙනුයි ඇමතුම......දුරකථනය නාද වෙන තුරා  අත දිව ගියාටත් වඩා ඉක්මනට හිත දිව ගියේ අප්පච්චී වෙතට......ලොකු ස්ක්‍රීන් එක දිහා  බැලුවේ හොරැහින් මෙන්......නමුත් කසුනිගෙ නම දිස් වෙද්දී අල්ලාගන සිටි හුස්ම පහතට වැටුනා....... බයෙන් බීරාන්ත වී ගෙවන මේ සමයේ ඉදිකඩු තුඩක වැටීමෙන් නැගෙන සියුම් හඩට පවා මා ගැස්සෙනවා......

කෙටි පණිවිඩයක් පමණක් යවා නැවත වතාවක් සයනයේ වැතිරුනේ හිස්වූ මනසකින්...... ගෙවුනු පැය කිහිපය පුරාවටම සියල්ලම පෙලගස්වා තීරණයක් ගතයුතුම වුවා...... තමාරී ජිනාදරී වුවත් ඒ තීරණයට බලපෑ බව කිව යුතුමයි......

    " දුමී .......බබා........ "

වසා තිබු දොරට තට්ටු කරන අතරේ ඇසුනේ අක්කා කතා කරන බව....
පොරවනය පසෙකට කර ඉක්මනටම ගියේ දොර අරින්න.. ඒත් එක්වරම පැමිණියේ දරුණු හිසේ කැක්කුමක් .... කෙලින් සිටගන නොහැකි තරමට දරාගත නොහැකි තරමේ වේදනාවක්......... දෑස් පවා විවර කරගත නොහැකියි.....

" දුමී .........මොකද ලමයෝ කරන්නේ .....තවම නිදිද........."

ඇද විට්ටමේ එල්ලිලා බිමින් ඉදගත්තා
.....ඔළුව කැරකෙනවා වගේ ....දෝතින්ම හිස බදාගන බිම වැතිරුනේ වේදනාව දරාගත නොහැකි තැන.....

" ඕකේ.... ඕකේ.... මාත් එක්ක තරහ වුනාට කමක් නෑ.... බ්‍රෙක්ෆස්ට් එකට පහලට එන්න..."

බිමින් වැතිරිලා ඇස් තද කරගත්තේ දැනුන වේදනාව උපරිමත්වයට ලංවෙද්දියි..... අපි අතර සිදුවුන හැමදෙයක්ම ආපස්සට අතීතයට ඇස් ඉස්සරහ දිගහැරෙනවා..... ඒ මතක ආවර්ජනය නතර වුනේ අක්කවා මුල් වරට අඩ නිරුවත්ව වොෂ්රූම් එකෙන් එලියට එනවිට දැකපු දවසෙන්......
ටවල් එකට බාගයක් වැසුනු ලමැදේ දකුණු පස ඇති තරමක් විසාල බර්ත් මාර්ක් එක .... 

ඔබගෙන් තරම් || G×GWhere stories live. Discover now