#ඔබගෙන්_තරම්
තිස්වෙනි හමුවීම" නැන්දේ..."
ආයාසයෙන් නිදිබර දෙනෙතට සිනාවක් නංවාගත්තා.....
" මම හිතුවේ මේ......ඒ....."
මම හිතුවේ අක්කා කියලනේ....ඒක කියන්නත් බෑ.....
" මේ තාන්වි , තාන්වි කියලා නේ...."
කටට එවෙලේ ආපු හොදම බොරුව...." ආ තාන්වි කියලද....මට අපේ පොඩී කිව්වා මට දුමී අක්කි හෙල්ප් කරනවා කියලා ...."
" හා...ඕ...මේ...අදත් කෙමිස්ට්‍රි මොනවද තියනවා කිව්වා....ඒකයි හිතුවේ තාන්වි කියලා ...."
නැන්දා ගිහින් තාන්විගේ න් ඇහුවොත් තමා අවුල....එතකොටත් ඉතින් මොකක් හරි බොරුවක්ම කියනවා....
" දුවට ඒක ප්‍රශ්නයක් නෑනේ ...."
" අනේ නෑ නැන්දේ ....."
" මම දුවට කරදර කලානේ මේ රෑ....."
" නෑ නැන්දේ ....නෑ මේ...ඕ.."
ඇත්තටම නැන්දා මගේ සුවබර නින්ද කඩාකප්පල් කරානම් තමයි...ඒත් ඉතින් ඒක කියන්න බෑනේ ....
" සමාවෙන්න දුව...ඒත් මට හිතුනා දුව එක්ක කතා කරන්න ....මම හිතුවේ නෑ දුව නිදි කියලා ....."
" ඒකට කමක් නෑ නැන්දේ ....එන්නකෝ ඇතුලට....."
අඩමානෙට ඇරපු දොර සම්පූර්ණයෙන් ඇරලා නැන්දට ඉඩ දුන්නා.....
" ඕන නෑ දරුවෝ....මට ඕන වුනේ හොදින් ඉන්නවා ද බලන්න....දන්නවා නේ මමත් ඉතින් ගෙදරක නෑනේ ...මේ අක්කයි නංගියි දෙන්න දුවට වද දෙනවද දන්නෙත් නෑ.."
නංගි නම් සෝයි අක්කා තමා මට වදදෙන්නේ .. හැමතිස්සෙම බලන් ඉන්නේ හපන්න.... හිතෙන් මටම කියාගත්තා...
" නෑ නැන්දේ ..."
" අනික අපේ චාවී ගැන මම අළුතින් කියන්න ඕන නෑනේ ....ඒ කෙල්ල කොහොමත් කොච්චි කරලක්.... ඔය කරන කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා ...මට මානෙල් කිව්වා මේ ලගදි දවසකත් ඔය දරුවට කෑගැහුවා කියලා ...ඔය අපේ කෙල්ලගේ හැටි..."
" ඒවා මගේ හිතේ නෑ දැන් ....."
" තමන්ගේ සහෝදරී කියලා හිතන්න දුවේ..මගේ
කෙල්ලො දෙන්න නේ පොඩ්ඩක් බලාගන්න ...."
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...