#ඔබගෙන්_තරම්
විසිපස්වන හමුවීම" හෝ.......හෝව්.....ඔහොම නවතින්න ..."
ඇති යන්තම් නතර කරගත්තා නැත්නම් පුටුවත් පෙරලග බිම නවතින්නේ ....
අක්කා අදින්නෙම ඩාර්ක් කලර්ස් බ්ලවුස් , ෂර්ට් මනේ විනිවිද පෙන්නෙත් නැති තරමේ....
" මේක හිරවෙලා හලෝ....."
" කෝ.....එන්න..."
එක්කගන ආවේ ඇද ලග අක්කව ඇදේ වාඩිකෙරෙව්වෙ නැත්නම් දිගංචියා වගේ උසට උසේ ඉන්න කොට මුකුත් කරගන්න බෑනේ ....
" අත් උස්සන්නකෝ...."
අත් දෙකත් උස්සන්න කියලා අමාරුවෙන් අක්කට පොඩි රිදුමක්වත් නොවෙන්න පරිස්සමට ගැලැවේවා.....කොන්ඩේ බොත්තම් වල පැටලුම් ලිහද්දි ඒ දැත් නැවැතුනේ මගේ බදවටා...... ඇස් බෝල කරගන 👀 ඉන්න විදියට හිතෙන්නේ අළුත උපන් පොඩි එකෙක් කියලයි...
" ම්ම්ම් හරි......"
" තෑන්ක්ස් ........."
බ්ලවුස් එක ගලවලා දුන්නත් මාව අතාරින පාටක් නෑ....ඒ වගේම යන්න උවමනාවකුත් නෑ... තවම මගේ දෑස් වල පැටලිලා මොනවදෝ අයදිනවා මගෙන්........ ඒ මදිවට ස්කිනි එක විතරක් නිසා මටත් වෙනදටත් වඩා බැලෙනවා......
" ම්ම්ම් අක්කේ ...."
" ඕ....සොරි සොරි....."
මම ඇස්වලින් පෙන්නුවම තමා අක්කටත් මතක් වුනේ බාගෙට ඇදගන මාවත් අල්ලගන ඉන්න බව....
" දුමී.....ඔයා එහෙනම් ටිකක් රෙස්ට් කරන්න .....මම ඔෆිස් එකට යනවා....බෙහෙත් ටිකත් වෙලාවට බොන්න.....මොනවහරි ඕන වුනොත් මට මැසේජ් එකක් දාන්න ...හරිනේ........"
යාන්තමට හිසත් සිඹලා අක්කා ගියා.....* * * * * * * * * * * * * * * *
" නංගියෝ......"
තාන්වි පහුවදා පාන්දරම ගේ දෙවනත් කරන්න පටන් අරන්.....ස්කෝලේ යන්න පරක්කු වෙලානේ කෙල්ල අද නැගිට්ටේ....බාගෙට හැමදේම හැමතැනම.....
" මේ.....ඔහොම ඉන්නවා ....මම බත් කවන්නම්...කලබලයක් නැතුව රෙඩි වෙන්න..."
කෙල්ලට කවන්න බත් එකත් බෙදාගන තාන්විගේ කාමරේට ගියා....බාගෙට අදින අතරෙයි බත් කැව්වේ.....
ඊයේ අක්කා ගියාට පස්සේ බඩත් පුරෝගන බෙහෙත් බීලා නිදාගත්ත එක ඇහැරුනේ අද උදේ හතරට.....අක්කාගේ කාමරේ ලගට ගියත් දොරත් ලොක් කරගන....අක්කා ආවේ කීයටද කාලාද ඒ මොනවත් දන්නෙ නෑ මම..
STAI LEGGENDO
ඔබගෙන් තරම් || G×G
Storie d'amoreඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...