#ඔබගෙන්_තරම්
විසිදෙවන හමුවීමදහම්.....🤔
අැත්තටම කවුද මේ දහම්🤔
මමත් අක්කයි තාන්වි නංගියි දෙන්න පස්සෙන්ම ගියේ කවුද මේ දහම්ව දැකගන්න...🧐
පඩිපෙලේ බාගයක් පහලට බහිද්දි සෝෆා එකේ වාඩිවෙලා ඉන්න කොල්ලෙක්වනම් පෙනුනා ඒත් මූණ හරියට පැහැදිලා නෑ....ෆයිල් එකක් මූහුණට උඩින් ඉස්සරහින් අල්ලගන....මේ මනුස්සයා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් පඩිපෙලින් බල්ටි ගහලා අඩුත් කඩාගන්නවා....තියන කුලප්පුව දැකපු අක්කත් කරේ රවපු එක.....
තාන්වි නංගි මුව අතකින් වසාගන හිනාවෙනවා......පහලට ගිහින් එලියට යද්දියි හරියටම මේ දහම්ව දැක්කේ......මම නිවාඩු ඉවරවෙලා මෙහේ ආපු දවසේ ඉස්සරහ බුක්ෂොප් එකේදී මට හමුවුනු බෝයි.....ඔව් මගේ මතකය වරදින්න නම් බෑ .....මට විශ්වාසයි ඒක.....
" දුමී......"
අක්ක සද්දෙට කෑගහපු නිසයි පියවි සිහියට ආවේ...අම්මෝ අවසිහියෙන් ගිහින් තියෙන්නේ ඉස්සරහ තියන ලොකු සුදු පාට කොන්ක්රිට් කණුවක වැදෙන්න.....වැදුනනම් මුහුණ සමතලා වෙනෝ.....නහයක් මට ආනනයනය කරන්නයි වෙන්නේ ......
අක්කාගේ සද්දෙට ඒ පිරිමි ලමයත් මගේ දිහා බැලුවා.....පුංචි සිනහවක් ඔහු මට පිරිනැමුවා........
" කවුද ඒ ගර්ල්....."
මට ඇහුනේ අක්කාගෙන් අහනවා...ඒ වෙලාවෙයි දැක්කේ ඔහුට තියන ඩ්රැකියුලා දත...🤪
" අපේ මාමාගේ දුව....එස්කියුස් මී ..."
කෙටියෙන් උත්තර දෙන අතරෙ නැගිටලා ඇවිත් නැවැතුනේ මගේ ලග.... අක්කා ලගට එද්දී ඒ ආපු තාලෙට මම අඩි දෙක තුනක් දොර ගාවින් එහාට ගියේ තාන්වීටයි දහම්ටයි අපිව නොපෙනෙන්න.........
" මොකද පහලට ආවේ........දැන් කොහෙද යන්නේ ....."
කේන්තිය ආයාසයෙන් පාලනය කරගන ඉන්න බවක් පෙනෙන්නෙ.....ඔව් දහම් කියන වචනය ඇහුණත් අක්කට කේන්තිනේ....
" ඉස්සරහ කඩේට ගිහින් එන්නම්....."
" මොකටද "
මට ඉස්සරහ කඩේට යන්න ඕන නෑ....ඒත් මේවෙලාවෙ පොඩි බොරුවක් නොකියා බෑ....නැත්නම් කිව්වොත් දහම්ව බලන්න ආවා කියලා මෙයා මෙතන යක්ෂාරෑඩ වෙයි....ඊටපස්සේ දෙන්නටම දුකයි අවසානේට .......
YOU ARE READING
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...