04

858 172 17
                                    

" බහින්න....."

බංකුව උඩට නැගලා තව පොඩ්ඩක් උස මදිනිසා ඇගිලි තුඩුවලින් හිටගන්න හදද්දිම ඇය මගේ ලග.....කේන්තියක් ආරූඪ කරගන මට බහින්න කියන්නේ මම මොකක්ද කරේ..

මේකත් හීනයක් නොවන බව තහවුරු කරගන්න එකම වතාවක් අක්කා දිහා බැලුවා කේන්තිය හඩේ විතරක් නෙවෙයි ඒ දෑස්වල පවා දිස්වෙනවා ...

" එක පාරක් කිව්වනේ ....බහින්න ...."

දෙවනි වතාවටත් කිව්වට පස්සේ මම බංකුවෙන් බැස්සේ ...එයාම නැගලා නූඩ්ල්ස් පැකැට් දෙකක් අරගන යනකම් මම තුෂ්ණාම්භූතව බලාගන....
ඇයි අනේ මම කරපු වැරැද්ද මොකක්ද ...

" අක්කි.....අපේ ලොකූ එහෙම තමා...."

තාන්වි නංගි මට කිව්වා....

" නපුරු ආඩම්බරකාර, මහ දුෂ්ටියෙක් ...."

මම එයාගේ නංගිටම නේද මේ කියන්නේ කියලා කල්පනා වෙනකොට නංගි නම් දෑස් හීනියට දිගැටි කරගන සිනහවෙන් මුව පුරවගන....

" හැමෝම කියනවා අක්කී...මගේ යාළුවෝ පවා.....ඒ ලොකූගේ හැටි වෙනස් කරගන්න බෑ අපි කොච්චර කිව්වත් "
නංගිත් එකගයි එහෙනම් ...

" දවසක් මගේ යාළුවෝ ඔක්කොම අපේ ගෙදර ආවා....එදා උදේ ඔෆිස් ගියා ගියාමයි ආයේ රෑ වෙනකම් ආවේ නෑ......බොරුවට වැඩ කියලා දවසම ඔෆිස් එකේ හිටියා.....ඒක එයාගේ විදිය...මටනම් දැන් පුරුදුයි......."

පුදුම මනුස්සයෙක් නේ...මේ සමාජ ආශ්‍රයට බයද දන්නෙත් නෑ....පොඩ්ඩක් ඉන්න ඒත් නැන්දා ඩොක්ටර් කෙනෙක්නේ එහෙනම් මට ලමයගේ අම්මට ඒක තේරෙනවානේ......ඇති ලෙඩෙක් නෑ ඔය අහංකාරිට තියෙන්නේ ආඩම්බර කම තමා.......

තාන්වි නංගි ආස නිසා පීසා හදන්න රෙසිපියක් හොයාගන අක්කා නම් තක්කාලි කපනවා...දෙන්නම එකතුවෙලා අමාරුම ටික මට දුන්නා ......ඔක්කොම ගානට පදමට දාන්න තමයි මාව අල්ලගත්තේ ....

වැඩ කරන අතරේ මට හරිම අමුත්තක් දැනෙනවා කවුරුමහරි මගේ දිහා බලාගන ඉන්නවා වගේ ...සමාජේ තැලිලා පොඩිවෙච්ච අපිට සමහර දේවල් ඉවෙන් වගේ දැනෙනවා....ඒත් මේ බිත්ති අතරේ කවුද ඉන්නේ මා දිහා බලාගන ඉන්න.....

" ආව් ....."

සෝස් ටිකක් අතේ හලාගන කෑගැහුවම ලගට දුවගන ආවේ තාන්වි නංගි.....

ඔබගෙන් තරම් || G×GTempat cerita menjadi hidup. Temukan sekarang