#ඔබගෙන්_තරම්
පනස්එක්වන හමුවීමදුක සතුට ජිවීතේට එනවා යනවා.....වෙනස්වීම් වලින් පිරුණු මේ ජිවීතේ හැමදේම විදදරාගන්න වෙන්නේ තනියමම තමයි....
එලාර්ම් එකට බැන බැනම උදේම ඇහැරුනා.... තවම කවුරුත්ම නැගිට්ට බවක් නම් පේන්න නෑ... . රෑට අැදගන හිටිය සැහැල්ලු ගවුමට උඩින් ෂර්ට් එකකුත් දාගත්තේ පාන්දරට තියන වියලි සීතල නිසාමයි...... ශබ්දයක් නොනැගෙන්න හිමිහිට කිට්ටු කරේ අක්කාගේ කාමරේට ...... දොර ලොක් කරලා නෑ මේ ලමයා.....ඒකත් මගේ හොද වෙලාව...... හිමිහිට දොර ඇරගන කාමරේට ගිහින් එහෙමම දොරත් වැහුවා..... කළුවරට ඇස් හුරුවෙන්නත් විනාඩි කීපයක් ඉදලා ෆෝන් එකේ ටෝච් එක දාගන අතින් වහගන මට ඕන තරමට ආලෝකය ඇජෙස් කරගත්තා......
නැත්නම් පොඩි එලියටත් අක්කාගේ තියන සංවේදී කමට ඇහැරෙයි...... ෆෑන් එකේ ටක ටක හඩට පින්සිද්ද වෙන්න මගේ හොර ගමන තවත් සාර්ථකයි .......
කකුලකුත් ඇදෙන් පහලට වැටෙනවා....මාර නින්දක් තියෙන්නේ ..... කිසිම ගානක් නෑ හොදට කෙල්ල නම්නිදි...... ඔව් ඉතිම් තමන්ගේ ගෙදර තමන්ගේ කාමරේ කොහොම නිදාගත්තත් කාටවත් මොකද......
" ඔහොම ඇවිත් බය කරන්න එපා..... කිව්වනම් මමම එනවනේ...."
අක්කාගේ හඩට මමයි උඩ ගියේ .....මේ මනුස්සයා නැගිටලද එතකොට හිටියේ ......මෝඩයා නිදි වගේ රගපාලා ද......
" මොකද මැඩම් ගොළුවෙලා..... හොර අහුවුන නිසාද......"
" මම කරපු හොර වැඩක් නෑ.....මේ ආවේ මගේ පොත් වගයක් කාමරේ නෑ....ඔයාගේ මේස උඩ වගේ මතකයි ඒක බලන්න...."
" ඇත්තට 🤭 "
ෂිට්.....බොරුවක්වත් මට හරියට ගොතාගන්න බෑනේ .....වස නෝන්ඩිය...... 😐
" ආපු එකේ එනවා.....මට සීතලයි..."
ඒ සීතල අතින් ඇදලා ගත්තේ ඇදට..... මගෙත් උවමනාවනේ ඒකමයිනේ අකමැති වගේ පෙන්නලා ගිහින් ලගින් හාන්සි වුනා....
" දුමී ..... දැන් දහම් ඊලගට මොනව කරයිද...."
දහම් මොනවමහරි කරයි.....සමහරවිට නැන්දාට අපි දෙන්න ගැන කියයි......ඒත් හරියටම අපි කොහොමද දැනගන්නෙ ඒ දේ.....
ESTÁS LEYENDO
ඔබගෙන් තරම් || G×G
Romanceඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ල...