05

853 165 8
                                    

මට මම ගැනපු ආපු කේන්තියක් එක්ක බැල්කනි එකට ගියේ ටිකක් නිදහසේ ඉන්න ඒත් ඒ අව් රස්නෙට කේන්තිය දෙගුණ තෙගුණ වෙලා තියන ඔළුව කැක්කුම තවත් වැඩිවෙයි......

බැල්කනි එකෙන් කාමරේට යන්න පය තියන්න හැදුව විතරයි ඇස් කොනින් දැක්කේ දැන් විනාඩියකට කලින් මට පාට් එකත් දාලා ලේට් වෙලා කියලා ගිහිපු කෙනා තරප්පු පෙලේ එන බව....

" නොදැක්කා වගේම ඉන්න ඕනා....මම මොකටද නිකන් සෙකන්ඩ් වෙන්න යන්නේ ....."
එහෙමත් හිතාගන අව්වට කවර් වෙලා එලිය බලාගන හිටියා.....

" ම්ම්ම් දුමී....ඔයාට ගෙදර කරන්න වැඩකුත් නැති එකේ යමු මාත් එක්ක.....පිනකුත් කරගන එන්න පුළුවන් ...."

මේ මනුස්සයා කටුස්සෙක්ටත් වඩා ඉක්මනට පාට මාරු කරනවානේ...බෑ බෑ මේක වෙන්න කොහෙත්ම බෑ..... අක්කා ඉන්නවා ද නැත්නම් මට මේ හීනෙන් ඇහෙන එකක්ද බව තවම හරියටම විශ්වාස නෑ....කෝකටත් චෙක් කරන්න ඕන ඒ නිසාම අක්කා ඉස්සරහට ගියා.....ෂිට් අව්ව දිහා බලාගන ඉදලා දැන් ගේ ඇතුල පේන්නේ කළුවරට...ඒත් ශුවර් පොරනම් එතන....

" මට පරක්කු කරන්න ටයිම් නෑ......එනවනම් එන්න...පොඩී කියපු නිසයි ඇහුවේ ...."

ඔය ඉතින් වැඩක් නෑ....මගේ සතුටට පත්වුන සිත එක මොහොතකින් බිදලා දැම්මා ...පුදුම නපුරුකමක් තියෙන්නේ ...උපන් වෙලාවේ නැකතේ ලොකු අවුලක් ඇති....

" මම එන්නම්.....පොඩ්ඩක් ඉන්න ....."

හැඩ වැඩ වෙන්න ලොකු වෙලාවක් ගන්නෙ නැතුව පුළුවන් ඉක්මනට විනාඩි පහලොවකින් ලැහැස්ති වෙලා පහලට ආවේ තද නිල් පාට ඩෙනිමක් සහ සුදු පාටට හුරු බ්ලවුස් එකකින් සැරසිලා....සුදු පාට තෝරගත්තේ පින් අතේ වැඩක් ගැන පොඩි මතකයක් තිබුන හින්දමයි..........

තෙල් ගාලා පීරපු කොන්ඩේ එක අතකින් හදන ගමන් මම පහලට එනකොටත් අක්කා හොදට කනවා... බත් එක මේසේ උඩ තියාගන දකුණතින් කන ගමන් එහා පැත්තෙ ෆෝන් එකෙන් බර වැඩක් ....අඩුම තරමේ මගේ සපත්තු සද්දෙට පවා ඔළුව උස්සලා බැලුවේ නෑ.....

" අක්කේ ....."

මගේ සොෆ්ට් ස්වීට් වොයිස් එක යූස් කරේ පොඩි හුරතල් බවක් එක්ක...ඒ දෑස් මගේ ලග නැවතිලා තත්පර කාලක් යන්න කලින්ම ආයේ ෆෝන් එකේ....ස්ක්‍රීන් එක ලෝක් කරලා ඉස්සරහ සාක්කුවට දාගන නැගිටලා ගිහින් අත සෝදගන එනකම් මට මුකුත් කිව්වේත් නෑ.....

ඔබගෙන් තරම් || G×GTempat cerita menjadi hidup. Temukan sekarang