"මද්දු.... මට වතුර එකක් ගෙනෙන්.....
.... නිදිද කොල්ලා තාම... මද්දුවෝ.....!!"
"ඇහැරලා ඇහැරලා"
මම ඇඳෙන් බැහැලා කොණ්ඩෙ පිටිපස්සහට වෙන්න හදන ගමන් ඇවිල්ලා ඉගෙන ගන්න ළමයෙක්ගේ මේසයක් වගේ තියෙන ලී මේසෙ උඩ තිබ්බ මගෙ බෝල කණ්නාඩි දෙකත් ඇස් වලට දාගත්තා.. එකම එක ඈනුමකුත් ගියා.. ඒකත් එක්ක දොර රෙද්දත් එහාට කරන් සාලෙට ආවා.
"දැන්ද නැගිට්ටේ. මට වතුර ජොග්ගුවක් දියන්කො කොල්ලො.. උදේම අවුවෙ සැර"
අප්පච්චි ඉස්තෝප්පුවේ පිළේ වාඩිවෙන ගමන් ඔලුවෙ තිබ්බ තුවායක් ගලවලා එතනම තිබ්බ හාන්සි පුටුවේ ඇන්දට දානව දැක්ක.මම ඇදගෙන හිටිය බොටම් ශෝටත් පිටිපස්සෙන් පොඩ්ඩක් උස්සගෙන ආපහු කුස්සියට ආවේ වතුර එකක් අරන් යන්න..
"ඊයේ රෑ ගිනි කලබල වෙලා නෙ පුතේ"
"ම්ම්...ඈ...???"
"ඇයි ඇහුනේ නැද්ද අර - කොහෙද දුවන්නේ"
දෙයියනේ මනුස්සයා...!! අර බහුභූත සුද්දා මගෙ ඇඳේ කොනේ නිදි..!! සපත්තු ගලවලා ඇද පාමුල බිමින් තියලා සුදු මේස් දෙකක් දාගෙන නිදි.. මම දොර ගාව ඇස් ගෙඩි දෙකත් ලොකු කරත් අතකින් කටත් වහගෙන බලන් හිටියෙ නිකන් හරි අප්පච්චි කාමරේට ආවනම් මොකෝ වෙන්නේ හිත හිතා..එහෙමම මම දුවගෙන ගිහින් මං පොරවපු සීට් එක සුද්දගේ මූණ විතරක් එළියට එන්න මුළු ඇඟම වැහෙන්න උඩින් දාලා මගෙ කොට්ටෙත් එයාගෙ ඇඟ උඩින් තියාලා ආපහු එළියට ආවා.
"නෑ අප්පච්චි කණ්නාඩි දෙක ගේන්න ගියේ.. මට ඇහුනා . ගිනි තිබ්බ නේ ඒ ගෙට.. ගුණපාල මාමා හොල්මනක් දැකලා කියලත් කතාවෙනව ඇහුනා."
අප්පච්චි කලින් මගෙ මූණෙ කණ්නාඩි දෙක තියෙනවද දැක්කෙ නෑ නේ..ඇරත් ආයේ හාර හාර අහන්නෙත් නෑ ඔය මොන බොරු කිව්වත්. මං පිළට ඇවිල්ලා අප්පච්චි ගාවින් ම වාඩි වුනේ අප්පච්චිත් ගෙට ඉස්සරහින් පේන ටික්කලාගේ කුඹුරු යාය දිහා බලන් වතුර උගුර උගුර බොද්දි..
"මම දැන් ආරංචි උන ගමන් බලලයි ආවේ ඔහේ ඇදේ නිදන් ඉන්නවා . හරියට දැක්කෙ නෑ කියන්නේ.. කොල්ලා.. ආන් මම බත් දෙකක් ලොකු නැන්දලාගේ දිහායින් අරන් ආවා කාලා වැඩක් කරගන්න.. මම ටිකක් හාන්සි වෙලා ඉදලා හේනට යනවා බෝංචි අන්තිම කරල ටික තියෙනවා කඩන්න"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Lãng mạnගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...