26 කොටස

367 80 73
                                    

මං හොඳ නින්දක් දාලා ඇහැරෙනකොට හොඳටම වහිනව. සයාන් අයිය වාහනේ නවත්තලා සුක්කානමට බදාගෙන ඒකට නිකට තියාන ඉස්සරහ වීදුරුවෙන් වැස්ස දිහා බලාන ඉන්නවා.. 

"ඒ මේ"

"ඔයා නැගිටලා"

"කොහෙද මේ ඉන්නේ.. එළියෙ වෙන මොකුත් පේන්නෙ නෑ නේ හයියෙන් වහිනවා"

"නිල් අරමෙ. වහිනව හොඳටම ඒක හින්දා වාහනේ නැවැත්තුවේ මං.."

ජනේලේ වාශ්ප අතින් පිහදාලා එළිය බැලුවම තමා මං දැක්කෙ අපි පාරෙන් ඇතුලේ තණකොළ ගොඩක් උඩ වාහනේ නවත්තන් ඉන්නෙ කියල, ඇරත් ටිකක් එහාට වෙන්න තමා හවස වුනත් වැහි කලුවර හින්දා ලයිට් දාගත්ත වාහන එහෙට මෙහෙට යන්නේ..  

"අම්මට කිව්වද ඔයා"

"ඔව්. අම්මා කිව්වා වැස්ස හින්දා එන්න එපා කියලා. ඔයාට බඩගිනිද"

"නෑ . ඔයාට මාව ඌරෙක් වගේ පේනවද අයියේ මෙච්චර කන්න දෙන්න"

සයාන් අයියා හිනාවෙලා සීට් එකට හේත්තු වුන.. එයාට සීතල නැතුව ඇති හැබැයි අත දිගට ඇඳගෙන ඉන්න හින්දා.. අත් පහළට දාලානේ ඉන්නෙ.. එහෙම සීතලක් නෑ වාහනේ ඇතුලේ ඒත් වැස්ස දැක්කාම මට සීතලයි වගේ. සයාන් අයියා සීට් එකේ හේත්තුවෙන උඩ කෑල්ල වටේ අත් දෙක බැදගෙන සීට් එකේ ඉස්සරහට වුනා.

"ඇයි ඔයා මෙහෙම වාහනයක් ගත්තේ. මේකේ ඉඩත් නෑ නේ..අනික ඔයා දැක්කද මේක පාරෙ යනකොට මිනිස්සු හැරිලත් බලනවා"

"මං ආසාව නේ. මම .. ම්ම්..මේක ගන්න සල්ලි බෑන්ක් එකවුන්ට් කරා.. මට සල්ලි නෑ දැන් මේක ගත්ත හින්දා. මම හිතුව මෙහෙ ඉන්න අම්ම එක්ක හින්දා මට සල්ලි ඕනෙ නෑ කියලා"

"අප්පටසිරි එහෙමත් එක්කද. මම හිතුවේ ඔයා හෙන සල්ලිකාරයෙක් ඒකයි මේ තරම් ලොකු සල්ලි දීලා වාහනේ ගත්තේ කියලා.මේක ලස්සනයි ඒත් ඉඩක් නෑ නේ. දෙන්නෙකුට විතරයි යන්න වෙන්නෙ"

"ම්ම්... මම විකුණනවා"

"මේක ?? අපරාදෙනේ. අනික දැන් ආයේ ගන්නත් බෑ නම්. විකුනලා මොකද කරන්නේ"

සයාන් අයියා සීට් එකේ උඩට කකුල් අරන් දොරට හේත්තුවෙලා වාඩිවුනා.. ඒකරලා මටත් එහෙම වාඩිවෙන්න කියලා ඇස් වලින් කිව්වා.. මේ සීට් එකේ නටන්න ඉඩ නම් තියෙනවා ඒත් වලක් වගේ.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now