63 කොටස

151 34 34
                                    


"චුට්ටෝ....!!!! චුට්... අනේ මගේ.. තිබ්බා...!!!!"

"අනේ අනේ අනේ... ගමේ බස් එක වත් අපි එනකල් නවත්තන් ඉන්නෙ නැතිකොට ගුවන්යානයක් මේ මනුස්සයෙක් එනකල් ඉන්නව කිව්වම"

"එහාට එහාට.. කෝ උම්මා... ගෙදර යන්න ඕනේ හරිද දැන්ම"

"හා හා...යන්න අයියේ අර කට්ටියම බලන් ඉන්නව ඇති"

"මං ගියා... තව උම්මා එකක්"

සයාන් අයියගෙ මූණෙන් අල්ලලා ඉඹල ඉඹල අතෑරියාම එයා සපත්තු දෙක බාගෙට දාගෙන හොටෙල් රූම් එකේ දොර ඇරගෙන එළියට දිව්වා. සයාන් අයියගෙ ව්‍යාපාර බලන්න ඇමරිකාවේ ඉදල ආව බිස්නස් කමියුනිට් එකක කට්ටියට හදිස්සියේ සයාන් අයියට එහෙ යන් කියලනේ. මෙයා එයාගේ වැඩ ඉවර කරල කඩිමුඩියේ හොටෙල් රූම් එකට ඇවිල්ලා බඩු ටිකක් පොඩි බෑග් එක්ක දාගෙන ආපහු දිව්වා එයාලා එක්ක ඇමරිකා යන්න..

හරියට නිකන් අපි පොඩි කාලේ ගෙදර ආව නෑදෑයො එයාලගේ ගෙවල් වල යමුයි කියල අපිව එක්කන් යනව වගේ වැඩක්.

හැබැයි.... හොඳයි. සයාන් අයියා ඒ ගමන්ම ෆ්‍රාන්ස් වල බැහැලා එහෙ සයිට් එකේ වැඩ බලලා ම තමා ලංකාවට එන්නේ..මම දැන් නුවර යන්න ඕනේ. ඉන්දියාවෙයි කොරියාවෙයි ගිහිලා ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න කල් දෙන්න ඕනෙ හින්දා මම කොළඹ නැවතිලා හිටියේ ලේසියට පහසුවට... සයාන් අයියා ෆ්‍රාන්ස් යන දවස් දෙක අල්ලලා මම පොඩි වැඩක් කරන්න හිටියේ හොඳයි දැන් දවසක් කලින්ම ඒක ඉවර කරලා අලුත් අවුරුද්දේ අපෙ ගෙදර පිරිත් අහන්න යන්න පුලුවන් අපිට..

ඒ වගේ වැඩක් කරල පිරිතක් අහන්නම ඕනේ...මොක කරන්නත් මට තියෙන්නේ දවස් හතරයි...

"හෙලෝ.. කො- ආ........ හා.. මං එන ගමන් ලොකේශන් එපා මම තැන දන්නවා. වතිල අයියෙ වාහනේ ??.. හා"

මම චෙකවුට් වෙලා හොටෙල් එකේ පාකින් වලට ඇවිල්ලා මගෙ වාහනේ ඇතුළ පොඩ්ඩක් සුද්ද කරා.. මේක එදා ශොපින් සෙන්ටර් එකේ දවස් ගානක් තිබිලා මම මයි ගිහිල්ල අරන් ආවේ අප්ග්‍රේඩ් කරන්න ඕනෑවට.. සයාන් අයියා කස්ටමයිස් කරල ආයෙම එයාගේ රතු පාට ෆෙරාරි එක අරගත්තා...!! ඉතින් මම ඉන්නේ i8 එක ලෝකෙට දානකල් ඒක ගන්න.. රුපියල් වලින් වොන් වලින් ඉන්දියානු රුපියල් වලින් ෆ්‍රෑන්ක් වලින් ඩොලර් වලින් සල්ලි එනකොට මොකදෑ කරන්න බැරි.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now