"අල්ලපන් අරූව.. සක්කිලි පරය ලැජ්ජ නැද්ද යකෝ මිනීමරුවෝ බේරගන්න""අහකට වෙනවා."
කොහෙන් කඩන් ආවද දන්නෑ පොලිසියේ හිටිය මිනිස්සු ඇවිදින් හිර කූඩුව ගාව හිටිය මගෙ ගාවට එද්දිම මම එතනින් අහුවෙච්ච දිහාකට පැන්න. සයාන්ගේ උඩ ඇඳුම අයින් කරල තියෙද්දි ඇදගෙන ආව දිග කලිසම එක්කන් ඔහේ එල්ලිලා වගේ ඉන්නකොට මට ඉන්නෙ කොහෙද කියල අමතක වුනා. මෙච්චර ලොකු සද්දයක් ඇවිල්ලත් එයා ඔලුව උස්සන්නෙ නෑයි කියන්නේ සයාන් අයියට සිහිය නෑ තමා..
"තොපිට පොඩි කොල්ලෙක්ව අල්ලගන්න බැරිද යකෝ.. අල්ලපන් ඕකව"
"ඉතින් - මහත්තයම ඇවිල්ලා මාව අල්ලගන්න"
මං නැවතුනා..පොලිසියේ අයත් මගේ ගාවට එන්නෙ නැතුව වටේ හිටගත්තා. මං නිරායුධයි එයාල ගාව පිස්තෝලයක් හරි තියෙනවා. මං දන්නව වෙඩි තියන්න බෑ කියලා.
"මං ඔප්පු කරන්නම් මෙයා වැරදි නෑ කියලා"
"අපිට ඔය මගුල් වැඩක් නෑ කිව්වනේ. තමුන් කොහොමද පොලිස් නීතියට පිටින් යන්නේ"
"මට එහෙම යන්න සාධාරණ හේතුවක් තියෙනවනේ.. මේ මනුස්සයා වැරදි නැත්තන් මොන මගුලක්ද මේ කරන්නෙ. ඔප්පු කරන්න සාක්ශිත් තියෙද්දි.- මේ පෙන්ඩ්‍රයිව් එකේ තියෙනවා හකීම් සයාන් එක්කන් කතා කරපු කෝල් එකක්. මහත්තුරුට ඕනෙ නම් අපෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ ආව කෝල් චෙක් කරල බලන්න හකීම් අපේ ගෙදරට කෝල් කරා පෙරේදා රෑ"
"තමුසෙ කියන ඒවා විශ්වාස කරන්නෙ කොහොමද අයිසේ තමුන් මේ මිනිහගේ හරි නම වත් දන්නෙ නෑ නේ. ඔය මඟුල් අරන් යනව. මෙච්චර වැඩ අස්සෙ බබ්බු නලවන්න බෑ. මේකව ඇදල දාපන් ඔය කූඩුවකට"
"ඉරුෆාන් ගේ නෝනා ඉන්න තැන මම දන්නව කිව්වොත් ?? අල්ලගන්න බැරි වුනා නේද තාම"
හැරෙන්න ගියපු පොලිසියේ මහත්තයා ආපහු මගෙ දිහා බැලුවා.. එයා මැරුනේ නෑ නේ එහෙනම් ඉන්න තැන මම දන්නවනේ. මම තාමත් බය නැති මූණක් හදාගෙන පොලිසිය ඉස්සරහ ඉන්නේ, මට බයයි..ඇඩෙන්න වගේ.. සයාන් අයියට ආයෙම උණ ඇවිල්ලද දන්නේ නෑ එයාට සිහියත් නෑ නේ අනේ...
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...